කලා

‘අනාගතයේ’ සිංහල සිංදුව චාල්ස් රජු හමුවේ ගැයෙයි!

Published

on

2023 පොදුරාජ්‍ය මණ්ඩලීය දිනය වෙනුවෙන් ඊයේ (13) එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ පැවති සර්විස් ඔෆ් සෙලිබ්‍රේෂන් උත්සවයේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කලාකරුවකු හා කලාකාරියක විසින් දේශීය ගී නිර්මාණයක් ඉදිරිපත් කළේය.

ඒ ලන්ඩනයේ පිහිටි වෙස්ට්එන්ඩ් රඟහල් ජාලයේ නිෂ්පාදනයක් වන ‘හැමිල්ටන්’ හි පෙගීගේ චරිතයට පණ පොවන රොෂානි ඇබී සහ වෙස්ට්එන්ඩ් හි තවත් නිෂ්පාදනයක් වන ‘ලයිෆ් ඔෆ් පයි’ හි ප්‍රධාන චරිතය රඟ පෑ නුවන් පෙරේරා විසිනි.

මොවුන් දෙදෙනා බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන බැඳීම් සනිටුහන් කිරීමට සහ මේ වසරේ පෙබරවාරි මාසයේදී සනිටුහන් වූ ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරයට ගෞරව දැක්වීම සඳහා ඔවුන් වායෝ සංගීත කණ්ඩායමට අයත් ‘අනාගතයේ’ ගීතය ගායනා කළහ.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස තුන්වන චාල්ස් රජු ඔහුගේ පොදුරාජ්‍ය මණ්ඩල දින පණිවිඩය ප්‍රථම වතාවට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ පැවති සැමරුම් දේව මෙහෙය අතරතුර ඉදිරිපත් කළේය.

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම ඓතිහාසික අවස්ථාවට නවසීලන්තය, රුවන්ඩාව, සයිප්‍රසය සහ ශ්‍රී ලංකාව යන රටවල කලාකරුවන් ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලයට ඇතුළත් සියළු ජාතීන් හා ආගම්වල සංගීත සංදර්ශනවලින් සමන්විත විය.

මේ අනර්ඝ ගායනය සමඟ එම ගීතයේ නිර්මාපකයකු වන සනුක වික්‍රමසිංහ සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහනක් පහත දැක්වේ.

Trending

Exit mobile version