කලා

අරුන්දතී රෝයිට PEN Pinter සම්මානය

Published

on

ඉන්දීය ලේඛිකාවක් වන අරුන්දතී රෝයි PEN Pinter සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත බව වාර්තා වේ.

62 හැවිරිදි ඇය පවසා ඇත්තේ මෙවර PEN Pinter ත්‍යාගය තමන්ට හිමි වීම ගැන තමන් ඉතා සතුටට පත්ව ඇති බවයි.

නාට්‍ය රචක හැරල්ඩ් පින්ටර් අනුස්මරණය කිරීම සඳහා පිහිටුවා ඇති මෙම සම්මානය ලෝකය දෙස “නොසැලී” බලන විශිෂ්ඨ සාහිත්‍ය කුසලතා සහිත ලේඛකයින් සඳහා පිරිනැමේ.

වසර 14කට පෙර රෝයි කළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ඉන්දියාවේ නිලධාරීන් ත්‍රස්ත විරෝධී නීති යටතේ ඇයට එරෙහිව පියවර ගැනීම ආරම්භ කර සති කිහිපයකට පසුව මෙම සම්මානය ලැබීම විශේෂිතය.

අරුන්දතී රෝයි බුකර් ත්‍යාගලාභී ලේඛිකාවක්වන අතර ඉන්දියාවේ මානව හිමිකම් ප්‍රශ්න මෙන්ම ගෝලීය වශයෙන් යුද්ධය සහ ධනවාදය පිළිබඳ ද නිතර කතා කරනු ලබන චරිතයක් ලෙස ප්‍රචලිතය.

පාලක භාරතීය ජනතා පක්‍ෂය ආණ්ඩුව විසින් මුස්ලිම්වරුන් ඉලක්ක කර ඇතැයි කියන චෝදනාව සම්බන්ධයෙන් රෝයි ඇයගේ විවේචනය විවෘතව ප්‍රකාශ කර ඇති අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලන සමයේදී ඉන්දියාවේ මාධ්‍ය නිදහස පිරිහීම ගැනද රෝයි විවෘතව අදහස් පළ කර තිබේ.

ඔක්තෝබර් 10 වැනිදා ඇයට PEN Pinter සම්මානය පිරිනැමීමට නියමිතය.

Trending

Exit mobile version