කලා

අස්ගිරියේ නිවස ගණිකා නිවසක් නෙවෙයි ගෙස්ට් හවුස් එකක් – සනෝජා බිබිලේ

Published

on

නොම්බර 144, සුමංගල පාර, අස්ගිරිය, මහනුවර “හංසවිලා” නැමැති ලිපිනයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බවට පොලිස් චෝදනා එල්ලවුවද, එය ගණිකා නිවසක් නොව ගෙස්ට් හවුස් එකක් හා රෙස්ටුරන්ට් එකක් බව ජනප්‍රිය නිළි සනෝජා බිබිලේ කියයි.


ශ්‍රී ලංකා මිරර් අප වෙබ් අඩවිය “නිළි සනෝජාගේ ලයිට් බිලක් ගණිකා නිවාසයක!” යන උද්ධෘතයෙන් පල කර තිබූ පුවතට දුරකථනය ඔස්සේ ප්‍රතිචාර දක්වමින් සනෝජා මෙසේ කියා සිටියාය.

ඇය කියා සිටියේ අදාල ස්ථානය සිය මව හා සහෝදර සහෝදරියන් ඇතුළු සිවුදෙනෙකුට අයත් එකක් බවත්, කෙසේවුවද, පසුගිය වසරේ (2022) අප්‍රේල් මාසයේ දී අදාළ නිවස ඒ.ජී. සමන්ත අසේල කුමාර නැමැති අයකුට කුළියට දී තිබූ බවයි.

පොලිසිය විසින් එම වැටලීම කරන අවස්ථාවේ එහි පදිංචිව සිටියේ එම නිවස කුළියට ගත් ඒ.ජී. සමන්ත අසේල කුමාර බවයි.

පසුගිය වසරේ අප්‍රේල් 11 වැනිදා මේ දේපල සිය මව හා සහෝදර සහෝදරියන්ගේ කැමැත්ත ද ඇතිව තමා විසින් බදු ඔප්පුවකින් කුලී පදනම මත සමන්තට ලබාදුන් බවද ඇය කියා සිටී.

ඊට අදාළ බදු ඔප්පුව පහත දැක්වේ.

එසේම එම ස්ථානයේ විදුලි බිල්පත් ඇත්තේ තමාගේ නමට නොවන බවද කී සනෝජා ඒවා ඇත්තේ සිය මව වන ඩී.ආර්. නාලිනී පද්මාවතී බිබිලේ යන සිය මවගේ නමට යැයිද කීවාය.

අදාළ විදුලි බිල්පත පහත දැක්වේ.

මේ රටේ ගෙස්ට් හවුස්වලට ගෙවල් දෙන්න බැරි නම්, එය රටේ නීතියක් දමා තහනම් කළ යුතු බවත්, ඔවුන් විසින් අදාළ ස්ථානය නීත්‍යානුකූලව පවත්වාගෙන ගිය බවත් සනොජා වැඩිදුරටත් කියා සිටී.

ශ්‍රී ලංකා මිරර් පළ කළ පෙර පුවතෙන් සනෝජා බිබිලේ හට යම් සිත් තැවුලක් කණගාටුවක් සිදුවූයේ නම් අප එයට හුදෙක්ම කනගාටු වෙමු.

සබැඳි පුවත්
නිළි සනෝජාගේ ලයිට් බිලක් ගණිකා නිවාසයක!

Trending

Exit mobile version