කලා

‘ඇවටාර් 2’ බිලියන 2ක ආදායම් සමග ඉතිහාසගතවෙයි

Published

on

සම්මානනීය හොලිවුඩ් අධ්‍යක්ෂ ජේම්ස් කැමරන්ගේ ‘ඇවටාර් 2’ චිත්‍රපටය, ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක ආදායමක් ලබාගැනීමට සමත් වී තිබේ.

ඒ, ‘ඇවෙන්ජර්ස් : ද ඉන්ෆිනිටි වෝ’ චිත්‍රපටයද අභිබවා යමිනි.

කොවිඩ් වසංගතයට පසුව ඩොලර් බිලියන 2ක ආදායමක් ඉපයීමට සමත් වූ පළමු චිත්‍රපටය ලෙසද මෙය ඉතිහාසගත වේ.

ඩොලර් බිලියන 2ක ආදායමක් ලැබූ චිත්‍රපට 3ක් නිපදවූ එකම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වන්නේ ජේම්ස් කැමරන්ය.

(මූලාශ්‍රය : ද ටයිම්)

Trending

Exit mobile version