මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද කුලුඳුල් කෘතිය “මකර දේශයේ සිට” එළිදැක්වීම අද (08) සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
මාස 10ක කාලයක් පුරාවට චීනයේ විවිධ පළාත් වල සංචාරය කරමින් විවිධ සංස්කෘතික ක්‍රියාකාරකම් සජීවීව විඳගත් උපුල්, සිය අත්දැකීම් සම්භාරය පාදක කරගනිමින් මෙම කෘතිය රචනා කර තිබේ.
කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයනාංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසින් මෙහිදී දේශන පැවැත්වීය.
“මකර දේශයේ සිට කියන්නෙ මගෙ පළවැනි පොත. පොතක් ලියන්න නිමිත්තක් හොය හොය හිටපු මට 2018 දී අවස්ථාවක් ලැබුණේ චීනයෙ කළ සංචාරයත් එක්ක. මම චීනෙ ඇවිද්ද තැන් දැක්ක සංස්කෘතික අංග ගැන විස්තර ඉදිරිපත් කරන්න මේ පොතෙන් උත්සාහ ගත්තා,” යැයි වික්‍රමසිංහ මහතා පවසයි.
රුසියාව ප්රකාශනයක් ලෙස එළිදකින මේ ග්‍රන්ථය, නුගේගොඩ දුයිෂෙන්ගේ පොත්හලෙන් මිල දී ගත හැකිය.