කලා උපුල් ගේ “මකර දේශයේ සිට” එළිදකියි! (ඡායා) Published 2 years ago on August 8, 2023 By editor මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ විසින් රචනා කරන ලද කුලුඳුල් කෘතිය “මකර දේශයේ සිට” එළිදැක්වීම අද (08) සවස 3.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. මාස 10ක කාලයක් පුරාවට චීනයේ විවිධ පළාත් වල සංචාරය කරමින් විවිධ සංස්කෘතික ක්‍රියාකාරකම් සජීවීව විඳගත් උපුල්, සිය අත්දැකීම් සම්භාරය පාදක කරගනිමින් මෙම කෘතිය රචනා කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අධ්‍යයනාංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා විසින් මෙහිදී දේශන පැවැත්වීය.“මකර දේශයේ සිට කියන්නෙ මගෙ පළවැනි පොත. පොතක් ලියන්න නිමිත්තක් හොය හොය හිටපු මට 2018 දී අවස්ථාවක් ලැබුණේ චීනයෙ කළ සංචාරයත් එක්ක. මම චීනෙ ඇවිද්ද තැන් දැක්ක සංස්කෘතික අංග ගැන විස්තර ඉදිරිපත් කරන්න මේ පොතෙන් උත්සාහ ගත්තා,” යැයි වික්‍රමසිංහ මහතා පවසයි. රුසියාව ප්‍රකාශනයක් ලෙස එළිදකින මේ ග්‍රන්ථය, නුගේගොඩ දුයිෂෙන්ගේ පොත්හලෙන් මිල දී ගත හැකිය. Related Topics:lkaSriLanka Trending පුවත්7 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්6 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග කලා2 days ago ලංකාවෙන් හොලිවුඩ් ගිය ප්‍රථම රූ රැජින ජීවන ගමනට සමුදෙයි පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ කලා3 days ago ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවේ! පුවත්4 days ago ලංකාවේ විශාලතම විදේශ සෘජු ආයෝජන ව්‍යාපෘතියත් කතාවලට සීමා වෙලා