කලා

ඔස්කා සම්මාන උළෙලේදී Everything Everywhere All at Once ඉදිරියෙන්

Published

on

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවති 95 වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 7ක් දිනාගැනීමට “Everything Everywhere All at Once” චිත්‍රපටය සමත් වී තිබේ.

මෙම චිත්‍රපටයේ රඟපෑ මිෂෙල් යෝ (Michelle Yeoh) හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර විය. ආසියානු සම්භවයක් සහිත නිළියක් මෙම සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙයයි.

මෙම චිත්‍රපටයේ රඟපෑ ජේමි ලී කර්ටිස් හා Ke Huy Quan ද සහය නළුනිළි කාණ්ඩවලින් ජයගත් අතර, එකම චිත්‍රපටයක් විසින් හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂවරයා සහ රංගන ත්‍යාග තුනක් ඔස්කාර් ඉතිහාසයේ වෙනත් කිසිම චිත්‍රපටයක් දිනාගෙන නැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර, ලොවපුරා අතිශය ජනප්‍රියත්වයට පාත්‍ර වූ RRR ඉන්දීය තෙළෙඟු සිනමාපටයේ එන, නාටු නාටු ගීතය ද මෙවර ඔස්කාර් සම්මානයට පාත්‍ර වී විය.

තවද, 90 දශකයේ අතිජනප්‍රිය තරුවක් වූ බ්‍රෙන්ඩන් ෆ්‍රේසර්, හොඳම නළුවාට හිමි සම්මානය දිනාගැනීමට සමත්විය. ඒ ‘ද වේල්’ සිනමාපටය වෙනුවෙනි.

Trending

Exit mobile version