පසුගියදා අතිජනප්‍රියත්වයට පත්වූ චීනයේ න’ ජා 2 (Ne Zha 2) චිත්‍රපටය මේ වන විට වාර්තා පිට වාර්තා තබමින් සිටියි.
මෙතෙක් ඉතිහාසයේ වැඩිම ආදායම් ලැබූ සජීවීකරණ චිත්‍රපටය බවට පත්වීමටද Ne Zha 2 ඊයේ (18) සමත්විය.
ඒ, ඩිස්නි සමාගමේ ‘ඉන්සයිඩ් අවුට් 2’ (Inside Out 2) චිත්‍රපටයද අභිබවා යමිනි.
Ne Zha 2 මේ ජයග්‍රහණය ලැබුවේ චිත්‍රපටය තිරගත වී දින 20කට පසුව හා ගෝලීය බොක්ස් ඔෆිස් වාර්තා අතර ඉහළම 10 දෙනා අතරට එක්වී දිනකට පසුවයි.
ජනවාරි 29දා උදාවූ චීන අලුත් අවුරුදු දිනයේදී තිරගත වූ මෙම චිත්‍රපටය ලද ආදායම, පෙබරවාරි 18 සවස වන විට පූර්ව අලෙවිය ද ඇතුළුව, යුවාන් බිලියන 12.319ක් (ඇ.ඩො බිලියන 1.72 ) පමණ ඉක්මවා ගොස් තිබේ.