බත්තරමුල්ල සහ බොරැල්ලේ පිහිටි නිව් ආශා වයින්ස් ස්ටෝර්ස් සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා විසින් මුද්‍රා තබා තිබේ.
ඒ සුරා බදු බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සිල්ලරට මත්පැන් අලෙවි කිරීම හේතුවෙනි.
සුරාබදු කොමසාරිස් ජනරාල් හට ලද විශේෂ තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් සමඟ සිදු කළ වැටලීමෙන් අනතුරුව මෙය සිදු කර තිබේ.
වැඩිදුර විමර්ෂණ කටයුතු සුරා බදු කොමසාරිස් ජනරාල් යූ.එල්. උදය කුමාර පෙරේරා මහතාගේ නියෝග මත සිදු කරන බව සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියේය.
තවද සුරා බදු ආදායම සුරක්ෂිත කිරීම සඳහා එළඹෙන උත්සව සමයේ බලපත්‍ර ලත් ස්ථාන අධීක්ෂණය මෙන්ම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය හා සංසරණය වීම වැළැක්වීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවද සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍යට පවසා තිබේ.