කලා

ජනප්‍රිය ගායක ක්‍රිස්ටෝපර් පෝල් මහතා දිවියෙන් සමුගනියි

Published

on

ජනප්‍රිය ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඔහුගේ 87 වියේ පසුවිය.

1936 වසරේ අප්‍රේල් 10දා මොරටුව, සුදුවැල්ල ප්‍රදේශයේදී උපත ලැබූ ක්‍රිස්ටෝපර් පෝල් මහතා ශාන්ත සෙබස්තියන් විදුහලෙන් අධ්‍යාපනය ලැබුවේය.

එවකට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ සුනිල් ශාන්තයන්ගෙන් සංගීතය හැදෑරූ පෝල් මහතා 1958 වසරේදී “පේනා විලේ මැද ඕලු මලේ” නමැති සිය ප්‍රථම ගීතය ගැයුවේ ඔහුගේ සහෝදරිය වූ බර්නඩේත් පෝල් මහත්මිය සමගයි.

ක්‍රිස්ටෝපර් පෝල් මහතා ගැයූ ගීත අතරට වතුර නාලා තෙත කොණ්ඩේ කඩා, හා මල් පිපෙන්නේ, රුවන් තොරන් තනා, ඇල දොළ ගංඟා යාවි ගලා, රාමා සීතා ඔබයි මමයි, රෝස මලක් දුටුවම, පෙම් ලෝකේ පුරා, මැණික මැණික මැණික, සුවිසල් මැඳුරක, විශ්වාසය නිදන් කෙරු සිතක් බිඳුණු පසු, සැමදාම මේ වෙලාවේ, රන් කිරුළේ, මේ කටුරොද ගම්මානේ හිනැහෙන්න හැමදාම වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් ඇතුළත් වේ.

Trending

Exit mobile version