ජනප්‍රිය ඉන්දීය නිළියක් සහ නිරූපිකාවක් වන ෂෙෆාලි ජරිවාලා (Shefali Jariwala) පසුගිය සිකුරාදා ජීවිතක්ෂයට පත්වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුනේ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් ඇගේ මරණයට හේතු වී ඇති බවය.
ඇගේ අවසන් කටයුතු පසුගිය සෙනසුරාදා සවස මුම්බායි හිදී සිදු කළ අතර පවුලේ සමීප සාමාජිකයන් සහ මිතුරන් රැසක් ඒ සඳහා එක්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා අතර විය.
කෙසේ වෙතත් ෂෙෆාලිගේ හදිසි මරණය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේදී ප්‍රධාන තොරතුරු කිහිපයක් මේ වනවිට මතුව ඇතිබව විදෙස් මාධ්‍ය විසින් මේ වනවිට අනාවරණය කරන නවතම තොරතුරු අතර වේ.
මූලාශ්‍රවලට අනුව, සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ, සාක්ෂි සහ මූලික අධිකරණ වෛද්‍ය තොරතුරු මත පදනම්ව පොලිසිය වැදගත් තොරතුරු රැස් කරගෙන ඇති බව සදහන්ය.
අනාවරණිත තොරතුරු අනුව මෙම සුරූපි රංගන ශිල්පිනිය පසුගිය වසර 7 – 8 පමණ කාලයක් පුරාවට වයසට යෑම පමාකරන ඖෂධ (Anti – Aging Medicine) භාවිතා කර තිබේ. ජුනි 27 වන දින (ඇය මියගිය දින ) නිවසේ පූජාවක් පැවති අතර, ඒ නිසා ෂෙෆාලි උපවාසයේ යෙදී සිටි ඇති අතර එසේ තිබියදීත්, ඇය එදින දහවල් වයසට යාම වැළැක්වීමේ ඖෂධ ලබාගෙන ඇති බව සඳහන්ය.
මෙම ඖෂධ වසර ගණනාවකට පෙර වෛද්‍යවරයෙකු විසින් ඇයට උපදෙස් දෙන ලද අතර එතැන් සිට ඇය සෑම මසකම මෙම ප්‍රතිකාර ලබාගෙන තිබේ.
මේ දක්වා සිදුකල පොලිස් විමර්ශනයේදී, මෙම ඖෂධ නිසා ඇයට හෘදයාබාධය ඇතිවීමට ප්‍රධාන හේතුවක් විය හැකි බව අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.
පරීක්ෂණයේ කොටසක් ලෙස අධිකරණ වෛද්‍ය කණ්ඩායම නිවසින් විවිධ ද්‍රව්‍ය එක්කාසු කරගෙන ඇති අතර වයසට යෑම වළක්වන පෙති, විටමින් අතිරේක සහ ආමාශයික පෙති ඇතුළු විවිධ ඖෂධ වර්ග අධිකරණ වෛද්‍ය කණ්ඩායම විසින් ඇගේ නිවසින් මෙලෙස සොයාගත් බව මාධ්‍ය වාර්තා අතර වේ.
ඇගේ මරණය සම්බන්ධයෙන් සිදුකෙරෙන මෙම පරීක්ෂණ කටයුතු වලදී මේ වන විට, පවුලේ සාමාජිකයන්, ගෘහ සේවිකාවන් සහ බෙල්වියු රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකුගේ ප්‍රකාශ පොලිසිය විසින් සටහන් කර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්ය.