කලා

ජැකලින් ට ඇප

Published

on

බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණයක් විසින් අද (15) ඇප නියම කර තිබේ.

ඒ, ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක් සම්බන්ධයෙනි.

ෆර්නැන්ඩස් මෙනවිය විසින් ඇප ඉල්ලා තිබුණේ මේ සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන අවසන් කර ඇති බැවිනුත්, චෝදනා පත්‍රය ගොනු කර ඇති බැවිනුත් තමාව රඳවා ගැනීමට අවශ්‍ය නොවන බව පෙන්වාදෙමිනි.

වසර 2017 සිට නවදිල්ලියේ සිරදඬුවම් විඳින සුකේෂ්, පුද්ගලයන් රැසකටම වංචා කර ඇති බවත්, ඔහු විසින් ජැකලින් හට විවිධ අවස්ථා වලදී ඉතා වටිනා ත්‍යාග ලබාදී ඇති බව මේ වන විට හෙළි වී ඇත.

Trending

Exit mobile version