කලා

ට්විච් තරුවට ඉන්දියාවේදී හිරිහැර කළ දෙදෙනෙකු අත්අඩංගුවට

Published

on

ඉන්දියාවේ මුම්බායි නගරයේ ලයිව්ස්ට්‍රීම් වීඩියෝවක් සිදුකරමින් සිටි දකුණු කොරියානු කාන්තාවකට හිරිහැර කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මුම්බායි පොලිසිය පියවර ගෙන තිබේ.

අඟහරුවාදා රාත්‍රියේ මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ Mhyochi ලෙස සමාජ ජාලා වල හැඳින්වෙන Hyojeong Park නම් තරුණියකි. එක් සැකකරුවෙකු ඇගේ කර වටා අත දමා ඇයව සිපගැනීමට හදන අයුරු එම වීඩියෝවේ දැක්වේ.

ANI පුවත් ඒජන්සිය වාර්තා කර ඇත්තේ මොවුන් දෙදනාටම කාන්තාවකට අතවර කිරීමේ චෝදනාව එල්ල වී ඇති බවයි.

Twitch ලයිව්ස්ට්‍රීම් සේවය ඔස්සේ ජනප්‍රිය Mhyochi හට අනුගාමිකයින් 12,000 කට වඩා සිටින අතර, ඇය විසින් වීඩියෝ ක්‍රීඩා වල නිරත වෙමින් හෝ ආහාර ගනිමින් සිදුකරන වීඩියෝ එහි ජනප්‍රිය වේ.

සති කිහිපයක් පුරාවට ඉන්දියාවේ සිටින ඇය, සිය අත්දැකීම් සජීවී Vlog හරහා බෙදාගනිමින් සිටියි.

Trending

Exit mobile version