කලා

‘භරංගම්’ හෙට සිට ලංකාවේ

Published

on

ඉන්දියාවේ ජාත්‍යන්තර නාට්‍ය උළෙල වන භාරත් රංග මහෝත්සවයේ රිදී ජුබිලිය සමරමින් ඉන්දීය රජයේ සංස්කෘතික අමාත්‍යාංශයේ ජාතික නාට්‍ය පාසල විසින් එම නාට්‍ය උළෙල 2025 පෙබරවාරි 6 – 9 දක්වා කොළඹ දී සංවිධානය කර ඇත. එය කොළඹ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලය සමඟින් එක්ව කොළඹ ටවර් රඟහලේදී සහ පණිභාරත රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 ‘භරංගම්’ නමින් ද හැඳින්වෙන භාරත් රංග මහෝත්සවය ලොව විශාලතම නාට්‍ය උළෙල වේ. 2025 ජනවාරි 28 වන දින ඇරඹි එය ඉන්දියාවේ, ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ නගර 13ක පෙබරවාරි 16 වන දින දක්වා පැවැත්වෙනු ඇත. මෙම පුරෝගාමී ප්‍රයත්නය හරහා, ජාතික නාට්‍ය පාසල නාට්‍ය උළෙල ජනාත්‍යන්තර ප්‍රේක්ෂකාගාරයට ද සමීප කරවයි. 2025 භාරත් රංග මහෝත්සවයෙහි තේමාව වන “එක් ප්‍රකාශනයක්, අසමසම නිර්මාණයක්” යන්න නිර්මාණාත්මක ප්‍රකාශනයෙහි එකමුතුභාවයේ හැඟීම හා සමපාත වේ.  මෙම නාට්‍ය උළෙල සඳහා රුසියාව, ඉතාලිය, ජර්මනිය, නෝර්වේ, චෙක් ජනරජය, නේපාලය, ස්පාඤ්ඤය සහ ශ්‍රී ලංකාව යන රටවල සුවිශේෂී නාට්‍ය 200ක් පමණ ඇතුළත් වේ.

කොළඹ පැවැත්වෙන නාට්‍ය උළෙලේදී පෙබරවාරි 6 සහ 7 දිනවල ‘ටජ්මහල් කා ටෙන්ඩර්’ සහ ‘බාබුජි’ යන හින්දි නාට්‍ය ටවර් හෝල් රඟහලේ ද පෙබරවාරි 8 සහ 9 දිනවල ‘රෝමියෝ සහ ජුලියට්’ සහ සින්දු කිරිල්ලි – 2 (වෙරෝනිකා ආපසු ඇවිත්) නාට්‍ය පණිභාරත රඟහලේ ද පැවැත්වේ. කොළඹ, භාරත් රංග මහෝත්සවයේ සමාරම්භක උත්සවය 2025 පෙබරවාරි 6 වන දින ප.ව. 6ට  මරදාන ටවර් හෝල් රඟහලේදී පැවැත්වෙනු ඇත.

වැඩිදුර විස්තර සඳහා ජාතික නාට්‍ය පාසලේ වෙබ් අඩවිය වන https://nsd.gov.in සහ භාරත් රංග මහෝත්සව් වෙබ් අඩවිය වන www.brm.nsd.gov.in වෙත පිවිසෙන්න. කොළඹ පැවැත්වෙන නාට්‍ය නැරඹීම සඳහා උනන්දුවක් දක්වන්නන් හට icc.colombo@mea.gov.in වෙත ඊ-මේල් පණිවිඩයක් යොමු කිරීමෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකිය.

Trending

Exit mobile version