මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේද යටතේ කළමනාකරණය කිරීමට නියමිත බව වාර්තා වේ.
රන්මිණිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය පිළිබඳ කරුණු අධ්‍යනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට පසුගිය 27දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කෙරුණු අතර, ඒ අනුව අදාළ යෝජනාව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ජාතික නියෝජිත ආයතනය වෙත යොමු කිරීමට තීරණය කෙරුණි.
මෙම ආයතනය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේදය යටතේ කළමනාකරණය කිරීමට කැබිනට් අනුමැතිය ඊයේ දින හිමිවී ඇත්තේ එම නියෝජිත ආයතනය ඉදිරිපත් කළ වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මත පදනම්වය.