කලා

‘රිදම් ඔෆ් හාමනි’සමග ඉන්දියාව හා ලංකාව එක්වෙයි

Published

on

ඉන්දියාවේ 74 වැනි ජනරජ දිනය නිමිත්තෙන් ඊයේ (24) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ‘රිදම් ඔෆ් හාමනි’ නමින් රොක් සංගීත ප්‍රසංගයක් පැවැත්වුණි.

කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම ප්‍රසංගය මගින්, කලාව හා සංස්කෘතික ක්ෂේත්‍රය තුළ දෙරට අතර සමීප සබඳතා පිළිබිඹු කෙරුණි.

ඊසානදිග ඉන්දියාවේ නාගලන්ඩ් පළාතේ සිට පැමිණි UDX සංගීත කණ්ඩායම හා ශ්‍රී ලංකාවේ හෙවි මෙටල් සංගීත කණ්ඩායමක් වන Stigmata විසින් ඉදිරිපත් කරන ලදී.

රොක්, බ්ලූස් සහ ෆන්ක් වැනි විවිධ ප්‍රභේද කිහිපයක සංගීතයන් ඉදිරිපත් කරන UDX කණ්ඩායම, ශ්‍රී ලංකාවේ ප්‍රසංගය කරන පළමු අවස්ථාව මෙයයි.  ඉදිරි දින කිහිපය තුළ UDX කණ්ඩායම විසින් යාපනය, මහනුවර සහ හම්බන්තොට නගර වලද ප්‍රසංග පැවැත්වීමට නියමිතය.

Trending

Exit mobile version