කලා

රෝමියෝ – ජූලියට් Paramount Pictures හට නඩුදමයි

Published

on

වසර 1968දී තිරගත වූ ඔස්කා සම්මානලාභී රෝමියෝ ඇන්ඩ් ජූලියට් චිත්‍රපටයේ රූගත කිරීම් අතර,  තමාව ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන නළු නිළි දෙපල විසින් Paramount Pictures හොලිවුඩ් චිත්‍රාගාරයට එරෙහිව නඩු පවරා තිබේ.

එම චිත්‍රපටයට රංගනයෙන් දායක වන විට ලෙනාඩ් වයිටිං 16 වියේද, ඔලිවියා හසී 15 වියේදී පසුවිය.

මේ වන විට 70 විය ඉක්මවූ ඔවුන් දෙදෙනා පවසන්නේ නිරුවත් දර්ශන කිරීමට අවශ්‍ය නොවන බවට ඔවුන්ට මුලින් සහතික වී තිබුණද චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා විසින් පසුව එලෙස සිදුකිරීමට බල කළ බවයි.

මේ හේතුවෙන් තමන් දැඩි මානසික වදහිංසාවට ලක්වූ බව පවසමින් ඔවුන් වන්දි ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 500කට වැඩි ප්‍රමාණයක් ඉල්ලා සිටියි.

මෙම නඩුව විසින් චෝදනා කරන්නේ Paramount Pictures චිත්‍රාගාරය විසින් තරුණ නළුවන් දෙදෙනාව ලිංගිකව අපයෝජනය කර ඇති බවත්, නව යොවුන් වියේ දරුවන්ගේ නිරුවත් ඡායාරූප බෙදා හැර ඇති බවත්ය.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් Paramount Pictures චිත්‍රාගාරය මේ දක්වා ප්‍රතිචාර දක්වා නැත.

Trending

Exit mobile version