කලා

ලංකාවේ වැඩිම ආදායමක් උපයන යූටියුබ් නාළිකාව ‘අපේ අම්මා’

Published

on

ශ්‍රී ලංකාවේ වැඩිම ආදායමක් උපයන යූටියුබ් නාළිකාව බවට ‘අපේ අම්මා’ යූටියුබ් නාළිකාව බවට පත්ව ඇතිබව ඇමෙරිකාවේ සූපශාස්ත්‍ර CashnetUSA.com වෙබ් අඩවිය පවසයි.

මීට අමතරව අපේ අම්මා යූටියුබ් නාළිකාව ආසියාව තුළ මෙන්ම ඕෂනියා කලාපය තුළද ඉහළම ආදායමක් උපයන නාළිකා අතර පවතින බව එම වෙබ් අඩවිය පවසයි.

2023 ජනවාරි මස 30 දා වන විට මෙම නාළිකාව ඇමෙරිකානු ඩොලර් 962 386ක් උපයා ඇත. නාළිකාවට ග්‍රාහකයන් මිලියන 2.72ක් ඇති අතර එයට මිලියන 495 ඉක්මවූ නැරඹුම්වාර සංඛ්‍යාවක් පවතී.

60 හැවිරිදි පුහුණු උපාධිධාරී ගුරුවරියක් විසින් පවත්වාගෙන යන මෙම නාළිකාවේ වැඩි කොටසක් ශ්‍රී ලාංකේය ආහාර වට්ටෝරු වෙත යොමු වී ඇත. ඇය තවත් නාලිකා තුනක් ද පවත්වාගෙන යයි: Wonder of Asian Life and Cooking, Ape Amma Vidyalaya සහ Ape Amma Cooking Academy එම යූටියුබ් නාළිකා තුනයි.

(අද)

Trending

Exit mobile version