Connect with us

කලා

කාන් හි ලෝක සිනමා උළෙලේදී ලාංකේයත්වය සනිටුවන් කල “ශේෂ”

Published

on

” 2024 ලෝක “Cannes” සම්මාන උළෙලේදී BEST DANCE FILM අංශයේ සම්මානය දිනගෙන තිබේ.

හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය ලෙසින් හඳුන්වා දුන් “ශේෂ” සිනමා පටය ඉසුරු ගුණතිලකගේ නිර්මාණයකි.

ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ විසින් එහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි.

මෙම සිනමා නිර්මාණයේ,

සංගීතය : ගයත්‍රී කේමදාස
සංස්කරණය : හරිත බැද්දගේ
නිෂ්පාදන කළමනාකරු : රවිඳු ප්‍රගීත්
කැමරාකරණය : චින්තක බණ්ඩාර / නිරෝෂන් කොඩිප්පිලි
අංග රචනය : ශානක විරාජ් දසනායක
නර්තන අධ්‍යක්ෂණය :රවිබන්දු විද්‍යාපති
කළා අධ්‍යක්ෂණය : දිනේෂ් ජයශාන්ත
නිෂ්පාදනය : CINEIZU Production
නිශ්චල චායාරූප : ලහිරු කස්තුරිආරච්චි
සහය අධ්‍යක්ෂණය :අමිල මදුරංග , තාරුක ගනේගොඩ
සිනමා රචනය : සමන්ත කුමාර ගමගේ
අධ්‍යක්ෂණය: ඉසුරු ගුණතිලක

රංගන දායකත්වය :
චන්දන වික්‍රමසිංහ , උමාලි තිලකරත්න , යොහාන් ජේස් , මල්කාන්ති ජයසිංහ, සමන්ත කුමාර ගමගේ, නලින් ප්‍රදීප් උඩවෙල , තිලින ඩි සිල්වා , පහන්දී වල්පිට, රදින් දන්දිව් ,සමීර ලක්ෂාන් , ජයන්ත මුතුතන්ත්‍රි 

කලා

ලොව විශාලතම ටික්ටොක් තරුව අමෙරිකාවෙන් නෙරපයි

Published

on

By

ටික්ටොක් අනුගාමිකයන් මිලියන 162.2ක් සමග ලොව විශාලතම ටික්ටොක් තාරකාව බවට පත්ව සිටින කාබි ලාමේ (Khaby Lame), අමෙරිකා එක්සත් ජනපද ෆෙඩරල් බලධාරීන්ගේ භාරයට පත්ව පසුගියදා එරටින් නෙරපා හැර තිබේ.

ඔහු සිය වීසා කාලසීමාව ඉක්මවමින් අමෙරිකාව තුළ රැඳීසිටීම මීට හේතුව වී ඇති බව අනාවරණය වී ඇත.

වත්මන් ට්‍රම්ප් පරිපාලනය යටතේ ස්ථාපිත කර ඇති ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය මඟින් ගනු ලැබූ තීරණයකට අනුව ලාමේ මෙලෙස රටින් පිට කිරීමට පියවර ගෙන තිබේ.

ඔහු එම ඒජන්සියේ අත්අඩංගුවට පත්වන අවස්ථාව වනවිට ලාස් වේගාස් හි හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රැඳී සිට ඇත.

සෙනගාල සම්භවයක් සහ ඉතාලි පුරවැසිභාවය සහිත ලාම්ගේ සැබෑ නම සෙරින්ගේ කාබානේ ලාමේ (Seringe Khabane Lame).

ගෙවුණු කොවිඩ් -19 වසංගත සමයේදී ඔහු ලොව වඩාත් ජනප්‍රිය තාරකාවක් බවට පත්වුණි.

එහිදී ඔහු කිසිදු අදහස් දැක්වීමකින් තොරව හුදෙක් සිය මුහුණේ ඉරියව් සහ හැසිරීම් මඟින් ඉදිරිපත් කළ උපහාසාත්මක අංග ලොව පුරා සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ප්‍රසිද්ධියට පත්වුණි.

ලාමේ පසුගිය අප්‍රේල් 30 වනදා එක්සත් ජනපදය වෙත පැමිණ තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ඔහු සිය නියමිත වීසා කාලය ඉක්මවා අමෙරිකාව තුළ රැඳී සිට ඇති බවත්, ඔහු අධිකරණ නියෝගයක් හරහා රටින් පිටුවහල් කිරීමට පෙර ස්වේච්ඡාවෙන්ම රටින් පිටවීමට අවස්ථාව ලබාදුන් බවත් ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය ප්‍රකාශ කර තිබේ.

යම් ලෙසකින් අධිකරණ නියෝගයක් මඟින් රටින් පිටුවහල් කෙරෙන පුද්ගලයෙකුට නැවතත් දශකයක් ගතවන තුරුම එක්සත් ජනපදය වෙත ඇතුළුවීම තහනම් කෙරෙන බව සඳහන්ය.

ලාමේ එක්සත් ජනපදයේ රැඳී සිටි කාලය තුළදී නිව්යෝක් නුවරදී සංවිධාන වූ මෙට් ගාලා විලාසිතා උත්සවයටත් සහභාගී වී තිබේ.

ඔහු මේ වසරේ ජනවාරි මාසයේ සිට යුනිසෙෆ් සංවිධානයේ කීර්තිමත් තානාපතිවරයෙකු ලෙසද පත්කර ඇත.

Continue Reading

කලා

ඉන්දීය නළු මෝහන්ලාල් ලංකාවට

Published

on

By

ඉන්දීය අධ්‍යක්ෂ මහේෂ් නාරායනන්ගේ ඉදිරියේදී එළිදැක්වීමට නියමිත ජනප්‍රිය තරු රැසක් රඟන චිත්‍රපටයේ දෙවැනි රූගත කිරීමේ කාලසටහන සඳහා ඉන්දීය නළු මෝහන්ලාල් පසුගිය සෙනසුරාදා(14) ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු කොචි සිට බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට පෙ.ව. 11:20ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-166 ගුවන් යානයෙන් ගොඩබැස්සේය.

වත්මන් රූගත කිරීමේ අදියර සම්පූර්ණ කිරීම සඳහා මෝහන්ලාල් දින 10ක් ශ්‍රී ලංකාවේ රැඳීසිටීමට අපේක්ෂා කෙරේ.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මෝහන්ලාල් පැවසුවේ, ශ්‍රී ලංකාව චිත්‍රපට රූගත කිරීම් සඳහා විශිෂ්ට ස්ථාන ලබාදෙන බවත්, ශ්‍රී ලංකාව වැඩකිරීමට ඉතා මිත්‍රශීලී ස්ථානයක් බවත්ය.

තමා ශ්‍රී ලංකාව නැරඹීමට කැමති බවත්, සිනමාව සඳහා නැවුම් පසුතල සහිත සුන්දර ගමනාන්තයක් බවත්, ශ්‍රී ලංකාවේ තවත් චිත්‍රපට රූගත කිරීමට දැනටමත් සැලසුම් කරමින් සිටින බවත් ඔහු පැවැසීය.

මෙම චිත්‍රපටය ඇන්ටෝ ජෝසප් චිත්‍රපට සමාගම සමඟ එක්ව ඇන්ටනි පෙරුම්බාවූර්ගේ ආශිර්වාද් සිනමාස් විසින් නිෂ්පාදනය කරනු ලැබේ.

ඊට මම්මූටි ඇතුළු ප්‍රමුඛ නළු නිළි පිරිසක් සහභාගී වෙති.

මෙම කාලසටහන තුළ ප්‍රධාන ක්‍රියාදාම දර්ශන රූගත කිරීමට අපේක්ෂා කෙරේ.

Continue Reading

කලා

රඟ මඩල හැඩ කෙරූ අයිරාංගනියට සම්මාන

Published

on

By

ප්‍රවීණ රංගනවේදනී අයිරාංගනී සේරසිංහ මහත්මිය 2025 Silver Screen සම්මාන උළෙලේ දී සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

2025 Silver Screen සම්මාන උළෙල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

1970-1975 වසරවල දේශීය සිනමාව පෝෂණය කළ කලාකරුවන් ඇගයීම මෙවර සම්මාන උළෙලේ අරමුණ විය. පද්ම ශ්‍රී කොඩිකාර, දිනේශ් ප්‍රියසාද්, ඉන්ද්‍රානි පෙරේරා යන කලාකරුවෝ ද මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

සංස්කෘතික හා බුද්ධශාසන අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව, ප්‍රවීණ රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය යන මහත්ම මහත්මීහු ඇතුළු කලාකරුවෝ රැසක් මීට එක් වූහ.

(ලංකාදීප)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved