කලා

සිංහල සිනමාවේ කිවිඳිය දැයෙන් සමුගනියි (ඡායා)

Published

on

ප්‍රවීණ සිනමාවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අවසන් කටයුතු ඊයේ (21) දින රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වුණි.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය පසුගිය 19දා අභාවප්‍රාප්ත විය.

ගැහැනු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, මායා, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව , යහළුවෝ සහ වෛශ්නාවී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්ෂණය කල චිත්‍රපට අතරට එක්වේ.

ඊට අමතරව,ගම්පෙරළිය ,දෙලොවක් අතර, බක්මහ දීගේ, මඩොල් දූව ඇතුළු චිත්‍රපට වල සංස්කාරවරිය ලෙසද කටයුතු කළාය.

සිංහල සිනමාවේ කිවිඳිය ලෙස හැඳින්වෙන ඇය, ශ්‍රී ලාංකීය සිනමාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කල අධ්‍යක්ෂවරියද වේ.

කලාකරුවන් හා මැතිඇමතිවරුන් ගේ සහභාගීත්වෙයන් පැවති පීරිස් මහත්මියගේ අවසන් කටයුතු වල අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

(ඡායා : රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

Trending

Exit mobile version