කලා

හෝක්අයි ට අනතුරක්!

Published

on

ලොවපුරා සිනමා රසිකයින් අතර අතිශය ජනප්‍රිය, මාවල් චිත්‍රපට නළුවෙකු වන ජෙරමි රෙනර් අනතුරකට ලක්ව තිබේ.

අනතුරින් පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වුවත්, ස්ථාවර බව රෝහල් ආරංචිමාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඇමෙරිකාවට බලපෑ දැඩි හිමපතනය හමුවේ හිම ඉවත්කිරීමේදී ඔහු ඊයේ (01) දින මෙම අනතුරට ලක්වී ඇත.

ද හර්ට් ලොකර්, ඇමෙරිකන් හසල්, මිෂන් ඉම්පොසිබල් : ගෝස්ට් ප්‍රොටෝකෝල් වැනි චිත්‍රපට වල රඟපෑ ජෙරමි, වඩාත්ම ජනප්‍රිය වන්නේ මාවල් සිනමා ලොවේ හෝක්අයි චරිතයට පණපෙවීමෙනි.

Trending

Exit mobile version