කලා

3D ගජමෑන් රිදී තිරයේ; චමික, චානක හා ජෝන්ගේ හීනය සැබෑ වෙයි! (ඡායා)

Published

on

මෙරට නිෂ්පාදිත ප්‍රථම ත්‍රිමාණ සජීවීකරණ (3D) චිත්‍රපටය වන ‘ගජමෑන්’ පසුගිය 20 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ කර තිබේ.

හැත්තෑව දශකයේ ජනප්‍රිය කාටුන් චරිතයක් වූ කැමිලස් පෙරේරාගේ ගජමෑන් කාටුන් චරිතය පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය කර ඇති ඇත.

මෝෂන් කැප්චර් (Motion Capture) තාක්ෂණය යොදාගනිමින් සැබෑ නළු නිළියන්ගේ චලනයන් තාක්ෂණිකව ග්‍රහණය කරගනිමින් මෙහි කාටුන් චරිත සජීවීකරණය සිදු කර තිබීම මේ චිත්‍රපටයේ විශේෂත්වයයි.

මේ සඳහා හඬ නළු නිළියන් වශයෙන්, සුනෙත් සහ ගාමින්ද (චූටි මල්ලි සහ පොඩි මල්ලි), යුරේනි නොෂිකා, සුනිල් පෙරේරා සහ රෂී ප්‍රබෝධා දායක වී තිබේ.

ගජමෑන් චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ චානක පෙරේරා විසිනි.

මෙහි නිෂ්පාදක චාමික ජිනදාස සමග ශ්‍රී ලංකා මිරර් කළ කතා බහකදී ඔහු හෙළි කළේ මෙය සිය පාසල් සමයේ සිහිනයක් සැබෑවීමක් බවයි.

80 දශකයේ උපන් පාසල් මිතුරන් තිදෙනෙකු වූ තමා හා මෙහි අධ්‍යක්ෂ චානක පෙරේරා හා ජෝන් ෆොන්සේකා විසින් කාටුන් චිත්‍රපටයක් නිෂ්පාදනයට මැවූ සිහිනය සැබෑ වීමක් බවයි.

කෙසේවුවද, 2011 දී වැඩ ආරම්භ කළ ගජමෑන් 3D කරන්නට එම චරිතයේ නිර්මාපක කැමිලස් පෙරේරා මහතා දුන් හයිය ගැනද චාමික මෙනෙහි කරමින් ඔහුට දීර්ඝායුෂ ද පැතුවේය.

එසේම මොවුන්ට කැමිලස් මහතා හමුවූයේ සිය කාටූන 3D සිනමා සිත්තමක් කිරීමට රට රටවල ද ගොස් අධ්‍යක්ෂවරු හා නිෂ්පාදකයින් සොයමින් සිට එය වර්ථව සිටි සමයකදී යැයිද චාමික කියා සිටියේය.

Trending

Exit mobile version