Connect with us

කලා

BTS සාමාජිකයින් හමුදා සේවයට

Published

on

ලොව අතිජනප්‍රිය BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින්, දකුණු කොරියාවේ අනිවාර්ය වන හමුදා සේවයට එක්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.

දකුණු කොරියාව තුළ වයස අවුරුදු 18-28 වයසැති සියලුම නිරෝගී පිරිමින් වසර දෙකක කාලයක් පුරාවට එරට හමුදාවේ සේවය කළ යුතු වේ.

BTS සාමාජිකයන් සත් දෙනා හට වයස 30ක් වන තෙක් හමුදා සේවයට එක් වීම ප්‍රමාද සිටීමට අවසර ලබාදී තිබුණි. එම කණ්ඩායමේ සිටින වැඩිමහල්ම සාමාජිකයා වන 29 හැවිරිදි “ජින්” ලබන මාසයේදී හමුදා සේවයට එක්වීමට නියමිතය.

කලා

දළුගම සරසවි චිත්‍රාගාරයේ පැවැත්වීමට නියමිතව තිබූ, සංවත්සර සිනමා උළෙල කල් යයි

Published

on

By

දළුගම සරසවි චිත්‍රාගාරයේ, ජනවාරි 27 වැනිදා සිට 29 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ සංවත්සර සිනමා උළෙල නොවැළැක්විය හැකි හේතුවක් මත එළැඹෙන මාර්තු මස දක්වා කල්තබා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් දැනුම් දෙමින් ජාතික චිත්‍රපට සංස්ථාව සඳහන් කරන්නේ, නියමිත දිනට උළෙල පැවැත්වීමට නොහැකි වීම පිළිබඳව කණගාටු වන බවය.

මෙම සංවත්සර සිනමා උළෙල සංවිධානය කර තිබුණේ, ශ්‍රී ලාංකේය කතානාද සිනමාවට වසර 78 ක් පිරීම සහ ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 53 ක් පිරීමට සමගාමීවය.

ඒ අනුව, චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී ජනවාරි 14 වැනිදා සිට ජනවාරි 19 වැනිදා දක්වා සිනමාපට 6ක් තිරගත කෙරුණි

සබැඳි පුවත්

Continue Reading

කලා

‘Papon Live’ කොළඹදී පැවැත්වේ! (ඡායා)

Published

on

By

76 වන ඉන්දීය ජනරජ දිනය වෙනුවෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ  ‘Papon Live’  (පැපොන් ලයිව්) ප්‍රසංගය ඊයේ (22) උත්කර්ෂවත් ලෙස කොළඹ නෙළුම් පොකුණ රඟහළේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාවට වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් – ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය වසන්ත සමරසිංහ, මහබැංකු අධිපති – ආචාර්ය නන්දලාල් වීරසිංහ මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් වන නලින් හේවගේ, හර්ෂණ සූරියප්පෙරුම, සුනිල් වටගල, මහින්ද ජයසිංහ සහ චතුරංග අබේසිංහ ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්විය.

පැපොන්ගේ ආත්මීය තනු වලට අමතරව, ආචාර්ය රවිබන්දු විද්‍යාපති ප්‍රමුඛ සංගීත හා ගායන කණ්ඩායමයක දක්ෂතා වලින්ද මෙම උත්සවය වඩාත් වර්ණවත් විය. 

අසාම් ප්‍රාන්තයෙන් බිහිවූ ‘අංගරාග් මහන්තා’ ශෛලයන් ගණනාවක ගී ගයන අතිදක්ෂ ඉන්දීය ගායකයෙකු මෙන්ම සංගීතඥයෙකි.  

Moh Moh Ke Dhaage (Dum Laga Ke Haisha), Kyon (Barfi!) Jiyein Kyun (Dum Maaro Dum), Humnava (Hamari Adhuri Kahani), හා Labon Ka Karobar (Befikre) වැනි චිත්‍රපට ගීත රැසක් ගායනා කර ඇති ඔහු, කෝක් ස්ටූඩියෝ, MTV අන්ප්ලග්ඩ් වැනි අතිජනප්‍රිය සංගීත වැඩසටහන් වලටද දායකත්වය ලබාදෙමින් සම්මාන රැසකට හිමිකම් කියයි.

(ඡායා : ශානිකා ජයසේකර ‍| අතිරේක ඡායා : ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය)


Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

Published

on

By

මෙරටේ සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කළ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 75 වන වියේ පසුවුණි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

අනිල් භාරතී මහතා ගායනා කරන ලද ගීත අතරින් බහුතරයක් නත්තල් ගීත වීම විශේෂයකි.

ඒ අතර, බෙත් ලෙහෙම් පුරේ – දිළිඳු ගව ලෙනේ ගීතය රසිකයින් අතර ප්‍රසිද්ධියට පත්ව තිබුණි.

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් අධ්‍යාපනය හදාරා ඇති අනිල් භාරතී මහතා, වසර 50ක් පුරා ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කළ අතර, ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද කටයුතු කළේය.

ඔහු ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ධුරය ද හොබවනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved