ලොව අතිජනප්‍රිය BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින්, දකුණු කොරියාවේ අනිවාර්ය වන හමුදා සේවයට එක්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කරයි.
දකුණු කොරියාව තුළ වයස අවුරුදු 18-28 වයසැති සියලුම නිරෝගී පිරිමින් වසර දෙකක කාලයක් පුරාවට එරට හමුදාවේ සේවය කළ යුතු වේ.
BTS සාමාජිකයන් සත් දෙනා හට වයස 30ක් වන තෙක් හමුදා සේවයට එක් වීම ප්‍රමාද සිටීමට අවසර ලබාදී තිබුණි. එම කණ්ඩායමේ සිටින වැඩිමහල්ම සාමාජිකයා වන 29 හැවිරිදි “ජින්” ලබන මාසයේදී හමුදා සේවයට එක්වීමට නියමිතය.