කලා

මුදල් වංචාවකට විත්තිකාරියක් වූ ජැකලින්ට ඇප

Published

on

ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ඇප මත මුදා හැරීමට දිල්ලි අධිකරණයක් නියෝග කර තිබේ.

අධිකරණය නියෝග කර ඇත්තේ,ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත ජැකලින් මුදාහැරීමටයි.

ඇය අධිකරණයේ පෙනී සිටියේ, සුකේෂ් චන්ද්‍රශේඛර් සම්බන්ධ රුපියල් කෝටි 200ක කප්පම් නඩුවකට අදාළව විත්තිකාරියක ලෙසයි.

ඒ සුකේෂ් තිහාර් බන්ධනාගාරයේ සිටියදී මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අවස්ථාවක ඔහුගෙන් කෝටි ගණන් වටිනා තෑගි ලබාගත් බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.

මේ අතර සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී ජැකලින් නීතිඥවරියක ලෙස වෙස්වලාගෙන අධිකරණයට ඇතුළු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

මීළඟ නඩු විභාගය ඔක්තෝබර් 22 වැනිදාට කල් තැබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version