දකුණු ඉන්දීය සිනමාවේ නළුවෙකු හා අධ්‍යක්ෂවරයෙකු වන ජී.මාරිමුත්තු මහතා අද (08) උදෑසන හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියයන විට 57 වියේ පසු වු මොහු, Jailer චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක විය.
වසර 1999දී ‘වාලි’ චිත්‍රපටයෙන් සිය වෘත්තිය දිවිය ඇරඹූ මාරිමුත්තු ගේ මංගල අධ්‍යක්ෂණය වන්නේ 2008දී “කන්නුම් කන්නුම්” චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ තිරපටයද ඔහුගේ වන අතර, ඔහු එහි කුඩා චරිතයකටද පණපෙවීය.