කලා

MasterChef Australia හි ජොක්, දිවියෙන් සමුගනී

Published

on

සම්මානලාභී සූපවේදියෙකු සහ අතිජනප්‍රිය MasterChef Australia වැඩසටහනේ සිටින ප්‍රධාන විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු වන Jock Zonfrillo මියගොස් තිබේ.

මිය යන විට ඔහු 46 වියේ පසුවූ ජොක්, සිවුදරු පියෙකි.

සඳුදා අළුයම කාලයේදී මෙල්බර්න් හි නිවසක සිදුකළ සෝදිසි කිරීමකදී මියගොස් සිටි ජොක් හමුවූ බවත්, මරණය සැකසහිත එකක් නොවන බවත් වික්ටෝරියා ප්‍රාන්තයේ පොලිසිය පවසයි.

මෙම මරණයත් සමගම සඳුදා (01) දිනයේදී ආරම්භ වීමට නියමිතව තිබූ MasterChef Australia Season මේ වසරේ වැඩසටහන් මාලාවද විකාශය නොවන බව Network 10 නාලිකාව නිවේදනය කර තිබුණි.

ස්කොට්ලන්ත ජාතික ජොක්, ක්ෂේත්‍රයට ඇතුළත් වන විට ඔහුගේ වයස අවුරුදු 12කි. ලොව පුරා සුප්‍රසිද්ධ අවන්හල් කිහිපයකම සේවය කළ ඔහු, සිය නව යොවුන් වියේදී හෙරොයින් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි විය.

කෙසේවෙතත්, සිය හෙරොයින් ඇබ්බැහියෙන් මිදීමට සමත් වූ ඔහු, පසුකාලීනව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇඩලේඩ් නුවර ඔරානෝ නමින් තමාගේම අවන්හලක් ආරම්භ කළ අතර, මානසික සෞඛ්‍යයේ වැදගත්කම පිළිබඳව නිතැතිව අදහස් ප්‍රකාශ කළ අයෙකු ලෙස සැලකේ.

Trending

Exit mobile version