Connect with us

කලා

මාලි අල්මේදා ගැන චෝදනා වලට ශෙහාන්ගෙන් පිළිතුරක්

Published

on

පසුගියදා බුකර් සම්මානයට පාත්‍ර වූ ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා‘ නවකතාවේ කතා සැකැස්ම සොරකම් කර ඇතැයි මාධ්‍යවේදියෙකු වන රාජ්පාල් අබේනායක මහතා විසින් නැගූ චෝදනාවට එම කෘතියේ කර්තෘ ශෙහාන් කරුණාතිලක මහතා පිළිතුරු ලබාදී තිබේ.

එම කතා සැකැස්ම ඔහු විසින් 2011 වසරේදී කතෘ සටහනක් ලබාගැනීම සඳහා කරුණාතිලක මහතා වෙත එවූ පිටු 56කින් යුතු නමක් රහිත ‘නොවෙලාවෙන්‘ හොරකම් කර ඇති බවට අබේනායක මහතා චෝදනා කර ඇත.

කෙසේවෙතත්, මෙම චෝදනාව පදනම් විරහිත සේම නින්දා සහගත එකක් බව නිවේදනයක් නිකුත් කරමින් කරුණාතිලක මහතා පවසයි.

මෙම පදනම් විරහිත චෝදනා ගැන විමසන ඕනෑම මාධ්‍යවේදියෙකුගෙන් අදාළ ලේඛනය කියවා බලන ලෙස තමා ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වේ.

මෙවැනි ප්‍රකාශයක් කරන්නට සිදුවීම පිළිබඳව දුකට සහ කණගාටුවට පත්වන බවත් මෙය ශ්‍රී ලංකාව සහ එහි ලේඛකයන්ට සැමරුම් අවස්ථාවක් විය යුතු බවත්, ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

ඉංග්‍රීසි බසින් පළ කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය :

කලා

ට්‍රම්ප්ගෙන් විදෙස් චිත්‍රපටවලට 100%ක් බදු

Published

on

By

විදේශ රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා 100% තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත.

යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි.

ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Continue Reading

කලා

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි!

Published

on

By

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි.

ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති ඒ මහතාගේ ගීත අතුරින් නියරේ පියනගලා, සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තනතිල්ල දිගේ වැනි ගීත ඉමහත් ජනප්‍රිය විය.

1975 වසරේදී පමණ පූර්ණ කාලීන සංගීත දිවියට පිවිසි ඒ මහතා දශක 4කට අධික කාලයක් මෙරට ප්‍රේක්ෂකයින් සිය ගීත හරහා අමන්දානන්දයට පත් කරනු ලැබීය.

ඒ මහතා කොලඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Continue Reading

කලා

Boyce Avenue ශ්‍රී ලංකාවට පැමිණේ

Published

on

By

ලොව පුරා තරුණ පිරිස් අතර අතිශය ජනාදරයට පත් , ඇමෙරිකානු බෝයිස් ඇවනිව් (boyce avenue) සංගීත කණ්ඩායම මෙරටට පැමිණ තිබේ

ඊයේ (24) රාත්‍රියේ දී ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

ඔවුන් මෙලෙස පැමිණීම ඇත්තේ ශ්‍රී ලංකාවේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම සදහා බව සඳහන්ය.

මෙරටට පැමිණි ඇමෙරිකානු බෝයිස් ඇවනිව් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කරන පිරිසක්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සිටියහ.

මෙම ප්‍රසංගය කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර  , මෙම ඇමෙරිකානු සංගීත කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේ බටහිර සංගීත කණ්ඩායම් 03 ක් එයට සහභාගී වීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved