Connect with us

කලා

මාලි අල්මේදා ගැන චෝදනා වලට ශෙහාන්ගෙන් පිළිතුරක්

Published

on

පසුගියදා බුකර් සම්මානයට පාත්‍ර වූ ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා‘ නවකතාවේ කතා සැකැස්ම සොරකම් කර ඇතැයි මාධ්‍යවේදියෙකු වන රාජ්පාල් අබේනායක මහතා විසින් නැගූ චෝදනාවට එම කෘතියේ කර්තෘ ශෙහාන් කරුණාතිලක මහතා පිළිතුරු ලබාදී තිබේ.

එම කතා සැකැස්ම ඔහු විසින් 2011 වසරේදී කතෘ සටහනක් ලබාගැනීම සඳහා කරුණාතිලක මහතා වෙත එවූ පිටු 56කින් යුතු නමක් රහිත ‘නොවෙලාවෙන්‘ හොරකම් කර ඇති බවට අබේනායක මහතා චෝදනා කර ඇත.

කෙසේවෙතත්, මෙම චෝදනාව පදනම් විරහිත සේම නින්දා සහගත එකක් බව නිවේදනයක් නිකුත් කරමින් කරුණාතිලක මහතා පවසයි.

මෙම පදනම් විරහිත චෝදනා ගැන විමසන ඕනෑම මාධ්‍යවේදියෙකුගෙන් අදාළ ලේඛනය කියවා බලන ලෙස තමා ඉල්ලා සිටින බවද එම නිවේදනයේ දැක්වේ.

මෙවැනි ප්‍රකාශයක් කරන්නට සිදුවීම පිළිබඳව දුකට සහ කණගාටුවට පත්වන බවත් මෙය ශ්‍රී ලංකාව සහ එහි ලේඛකයන්ට සැමරුම් අවස්ථාවක් විය යුතු බවත්, ඔහු වැඩිදුරටත් පවසා සිටියි.

ඉංග්‍රීසි බසින් පළ කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය :

කලා

රංගන ශිල්පී අකුෂ්ලා මියයයි

Published

on

By

මෙරට ප්‍රකට රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක වූ අකුෂ්ලා සෙල්ලයා මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.මිය යන විට ඇය 67 වැනි වියේ පසු වූවාය

1978 වසරේදී Slave Of the Cannibal God ඉතාලි සිනමා පටය හරහා  සිනමාවට පිවිසි ඇය පසුව   “Rampage” (1978) / “Tarzan the Ape Man” (Hollywood) (1981), “තවලම” (1981), “බාඳුරා මල්” (1981), “රෑ මනමාලි” (1982), “හිතත් හොඳයි වැඩත් හොඳයි” (1983), වැනි සිංහල චිත්‍රපට රැසකට  රංගනයෙන් ද දායක වූවාය. 

1985 වසරේදී “චාර්ල්ස් ඒන්ජල්ස්” චිත්‍රපටයේ සිංහල ප්‍රතිනිර්මාණය වූ “සුර දූතියෝ” චිත්‍රපටයේ රංගනයෙන් දාකයක වූ ඇය එය සිය ඇගේ රංගන දිවියේ උච්චතම අවස්ථාව බව සිනමා විචාරකයෝ සදහන් කළහ.

“සුර දූතියෝ” චිත්‍රපටය මෙරට සිනමාවේ ප්‍රවීන සටන් නළුවෙකු වූ රොබින් ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය

Continue Reading

කලා

වැරදි කවුරුද? ……………වස්ති ද? සංවිධායකවරුද?

Published

on

By

පසුගියදා මැදිරිගිරිය, දිවුලන්කඩවල පැවති සංගීත සංදර්ශන අතරතුරදී සිදුවූ ප්‍රේක්ෂක කෝලහාලයේ උණුසුම තවමත් පහව ගොස් නොමැත.

ඊයේ (16) දිනය වනවිට සංගීත සංදර්ශනය අතරතුර කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදු කරන බවය.

මේ ප්‍රේක්ෂක හැසිරීමට හේතුව ලෙස “වස්ති” ගායකයන්ට ඇතැමෙක් චෝදනා කරන අතර තවත් චෝදනාවක්  සංවිධායකයින් වෙත එල්ල වී තිබේ.

මේ පිළිබඳව ප්‍රසංගයේ සංවිධායකයින් වන  RC Event Management විසින් Facebook සටහනක් එක්කර තිබිණි.

සංවිධාකයින් විසින් ප්‍රචාරණය කර තිබුනේ ශානා, හනා, අමේලියා, හා වස්ති යන ගායන ශිල්පීන් හා ශිල්පිනියන් මේ ප්‍රසංගය සඳහා සහභාගී වන බවය.

කෙසේ වෙතත් නීති විරෝධී ගිනි අවියක් ලඟ තබා ගැනීමේ හේතුව මත “ශාන් පුතා” අත් අඩංගුවට ගැනීම හේතුවෙන් ඔහු වෙනුවට රොමේෂ් නම් ගායන ශිල්පියා සහභාගී වී තිබේ. ගායන ශිල්පිනියන් දෙදෙනා ද මෙම සංගීත සංදර්ශනය වෙනුවෙන් සහභාගී වී ඇති අතර “වස්ති” ගායන ශිල්පීන්ගේ නොපැමිණීම මේ ප්‍රේක්ෂක කුපිත වීමට හේතුව වී ඇතිබවට බහුතරයක් චෝදනා නඟති.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වස්ති වෙනුවෙන් අනුශ්ක උදාන විසින් ද පැහැදිලි කිරීමක් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට Facebook පුරා සංසරණය වේ.

https://fb.watch/ynumowdxUm

මෙම සිදුවීමත් සමඟ වස්ති වෙත විශාල ජන අප්‍රසාදයක් මෙන්ම චෝදනා රැසක් එල්ල වෙමින් පවතින අයුරක් දැකිය හැකිය.

ලංකාවේ ජනප්‍රියම ගායකයින් දෙපළක් වූ වස්ති වෙත ආදරෙන් පැමිණි ඒ සුවිසල් ජනතාව වෙනුවෙන් එක් ගීතයක් හෝ ගයන්නට ජනතාවගේ ගායකයින්ට ඕනෑතරම් අවස්ථාව තිබිණි.

Continue Reading

කලා

රැප් ගායක ශාන් පුතා අත්අඩංගුවට

Published

on

By

ප්‍රසිද්ධ රැප් ගායන ශිල්පී “ශාන් පුතා” නම් පුද්ගලයා අද උදෑසන ගිනි අවියක් සමඟ අත් අඩංගුවට ගෙන තිබේ.

මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් සමඟ මීගොඩ අරලිය උයන ප්‍රදේශයේදී ඔහුව අත් අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

සැකකරුට ගිනි අවිය ලබාදුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් වරයෙක් හා සැකකරුගේ කළමණාකරු යැයි හඳුන්වා දෙන අයෙක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ සැකකරු සන්තකයේ මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධ ගිනි අවියක් ඇති බවට ලද තොරතුරක් මත ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී එම ගිනි අවිය හමුවූ බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved