විශේෂාංග

ෂාරුක් ඛාන්ට සුවිශේෂී සම්මානයක්

Published

on

ඉතාලියේ පැවති ලොකාර්නෝ චිත්‍රපට උළෙල දී ශාරුක් ඛාන් කලාවට සිදුකළ මෙහෙවර අගය කරමින් ඔහුට සම්මානයක් පුදකර තිබේ.

ලොව සුපිරි තරු ශාරුක් ඛාන්ට ‘පාර්දෝ අල්ලා කරියේරා’ නමැති මෙම සම්මානය ලබාදෙමින් ලොකාර්නෝ චිත්‍රපට සංස්ථාවේ සභාපති පවසා ඇත්තේ ඔහු සිය දක්ෂතාව හරහා ලොව බිලියන ගණනකගේ සිහිනවලට පණ පොවා ඇති බවය.

එම සම්මානය ලොව අති සුපිරි වෙනසක් සිදුකළ නළුවන්ට ජීවිතයේ එක්වරක් පමණක් ලබාදෙන සම්මානයකි.

ඉතාලියෙන් ලැබුණු මෙම අගය කිරීම තමන්ට ඉතා වටිනා බවත්, කලාව හරහා සියළුදෙනාට ආදරය ලබාදීම තම අරමුණ බවත් එහි රැස්ව සිටි තම ආදරණීය ප්‍රේක්ෂකයින් අමතමින් සුපිරි නළු ෂාරුක් ඛාන් ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසර 35ක කාලය තුළ බිංදුවේ සිට පටන් ගත් තම සිනමා දිවිය තුළ ලද මෙම සම්මානය තවතවත් ජනතා ආදරය දිනාගන්නා නිර්මාණ බිහිකිරීමට තමන්ට හේතුවන බව ඔහු සඳහන් කළේය.

Trending

Exit mobile version