Connect with us

තවත් බොහෝ දේ

අද ලෝක ස්ථූලතා දිනය යි

Published

on

අද (මාර්තු 04) ලෝක ස්ථූලතා දිනය (World Obesity Day) දිනය යි.

තරබාරුව එසේත් නැතිනම් ස්ථූලභාවය (Obesity) යනු රෝග තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර ඇත. ඊට හේතුවී ඇත්තේ තරබාරුව නිසා සිරුරේ බර වැඩීම පමණක් නොව, රෝග රැසක් ඇතිවීමට බලපාන ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබීමය.

තරබාරුව

තරබාරුව හෙවත් සිරුරේ අධික ලෙස මේදය තැන්පත්වීම නිසා මතුවන අධික බර මනිනු ලබන්නේ දෙහ ස්කන්ධය (Body Mass Index) අනුවය. සිරුරේ බර කිලෝ ග්‍රෑම්වලින් මැන උස මීටර්වලින් මැන එහි වර්ගය බර බෙදූවිට එන අගය සිරුරේ දේහ ස්කන්ධ අගය ලෙස (BMI) සලකනු ලබයි.

දකුණු ආසියාතික රටවල ජීවත් වන අප වැනි පුද්ගලයන්ගේ BMI අගය පැවැතිය යුත්තේ 23ට අඩුවෙනි. එම අගය 23ට වැඩි නම් අධිබර ලෙසත් (Over Wight) 25ට වැඩිනම් ස්ථූලතාවය (Obesity) ලෙසත් සලකනු ලබයි.

උදරය විශාල වීම

අප වැනි රටවල ජනතාව අතර බහුලවම පවතින අධිබරතාවයක් වන්නේ උදරය විශාල වීමය. (abnormal obesity) මෙය ස්ථූලතාවයක් නොවුණත් ස්ථූලතාවයට වඩා භයානකය. මෙහිදී සිරුර තුළ මේදය අධිකව තැන්පත් වන්නේ උදරය වටා ය. එසේ තැන්පත් වන මේදය අක්මාවට ඍජුවම බලපායි. එවිට අක්මාවේ මේදය අධිකව තැන්පත් වීම (Fatty liver) හෘදයාබාධ ඇතිවීම සහ දියවැඩියාව ඇතිවීම සඳහා මෙම උදරය වටා මේදය තැන්පත්වීම ඍජුවම බලපාන බව හඳුනාගෙන ඇත.

තරබාරුව නිසා ඇතිවන රෝග

තරබාරුව පිළිකා වර්ග 13ක් ඇති වීමට බලපාන බව හඳුනාගෙන ඇත. පියයුරු පිළිකා, අක්මා පිළිකා, ගර්භාෂ පිළිකා, වෘෂණ කෝෂ පිළිකා, බඩවැල් පිළිකා ආදී පිළිකා ඇතිවීම සඳහා තරබාරුව ඍජුවම බලපානු ලබයි.

තරබාරුව නිසා ඇතිවන අනෙකුත් සංකූලතා අතර ප්‍රධාන තැනක් ගන්නේ දියවැඩියාවයි. එහිදී දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව සඳහා බලපායි. ඉන්පසු සිරුරේ අධික ලෙස කොලෙස්ටරෝල් තැන්පත්වීම සිදුවේ.

කොලෙස්ටරෝල් අධික වීම නිසා රුධිරවාහිනී ආශ්‍රිත රෝග හටගනී. එනම් හෘදයාබාධ, අංශභාගය, දෙපා ආශ්‍රිත රෝග ආදිය හටගනී. අධික රුධිර පීඩනය හටගැනීම නිසා වකුගඩු ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති වේ.

මත්පැන්වලින් තොරව ඇතිවන අක්මාවේ මේදය තැන්පත්වීම (Nonalcoholic Fatty liver disease) සඳහා ප්‍රධාන වශයෙන්ම බලපා ඇත්තේ තරබාරුවය. මෙය වර්තමානයේ අප රට තුළ වසංගතයක් හා සමානව මතු වන්නට පටන්ගෙන ඇත. එහි භයානකකම වන්නේ මෙම ෆැටී ලිවර් තත්ත්වය නිසා අක්මාවේ පිළිකා හටගැනීමය.

තරබාරුවෙන් පෙළෙන බොහෝදෙනා අවධානය යොමු නොකරන තවත් රෝගාබාධයක් වන්නේ හෘදයාබාධ නොවන හෘද රෝග හටගැනීමය. (Obesity asso ciatea heart faliya) මෙම රෝග තත්ත්වයේ දී ඇති වන අපහසුතා වන්නේ ඇවිදිනවිට අධික වෙහෙසක් හටගැනීම සහ හුස්ම ගැනීමේ අපහසුතා හටගැනීමය.

ඊට අමතරව රාත්‍රියට නිදා ගැනීමේ අපහසුතා හටගන. නිදා ගන්නාවිට ශ්වසන මාර්ග අවහිර වී ගෙරවීමක් (Snoring) හටගනී. එවිට රාත්‍රියට සුවබර නින්දක් ලබාගැනීමට නොහැකි වේ. එහි ප්‍රතිඵලය වන්නේ ඔවුන් දිවා කාලයේ නිදි කිරා වැටීමය. (Sleep apnea)

මෙහිදී දිවා කාලයේ අලස බව, මන්දෝත්සාහී බව නිසා මානසික පීඩනය හටගනී. තරබාරුව නිසා ලිංගික දුබලතා මතුවේ. ඉකිලි සහ කිහිලි ආශ්‍රිතව සමේ රෝග හටගනී. දණහිස ආශ්‍රිතව ආතරයිටීස් රෝග මතුවේ.

තරබාරුව පාලනය

සිරුරේ අධික ලෙස මේදය තැන්පත්වීම පාලනය සඳහා ප්‍රධාන වශයෙන්ම කළ යුත්තේ ආහාර පාලනය කිරීම මගින් තරබාරු වීම වළක්වා ගැනීමය. එය කුඩා කල සිට හුරු කරගත යුතුය. එවිට තරබාරු වීම පාලනය කරගත හැකිය.

දෙවනුව කළ යුත්තේ තරබාරු බවින් පෙළේ නම් එය පාලනය කිරීමය. එනම් බර අඩුකර ගැනීමය. ඒ සඳහා වර්තමානයේ ඖෂධ වර්ග රැසක් ඇත. එම ඖෂධ භාවිතය මගින් සාර්ථකව සිරුරේ පවතින අධික බර අඩු කර ගතහැකිය.

එලෙස ආහාර සහ ඖෂධ මගින් පාලනය කිරීමට අපහසු පුද්ගලයන්ගේ පවතින තරබාරුව සැත්කම් මගින් පාලනය කළ හැකිය. ඒ සඳහා ආමාශය ආශ්‍රිතව සිදු කරන සැත්කම් (Bariatric Surgery) ආදී ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත (Metabolic surgery) සැත්කම් සිදු කළ හැකිය.

– කොළඹ ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ප්‍රසාද් කටුලන්ද –

තවත් බොහෝ දේ

ලෝක මැලේරියා දිනය අදයි

Published

on

By

ලෝක මැලේරියා දිනය (World Malaria Day) අදට (25) යෙදී තිබේ.

මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සංහතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක් ලෙස සැළකේ.

ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212කට අධික ප්‍රමාණයක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබේ.

මැලේරියාව යනු වාහකයෙක් මගින් බෝවන ආසාදිත රෝගයක් වන අතර එය ඇති කරනු ලබන්නේ ප්‍රොටෝසෝවාවකු (ඒක සෛලික ජීවියෙක්) වූ පරපොෂිතයෙකුගෙනි. එනම් ප්ලැස්මෝඩියම් ගණයට අයත් ඒක සෛලික පරපෝෂිතයෙකි.

මිනිසුන් හට ආසාදන ඇති කළ හැක්කේ මෙම ප්ලැස්මෝඩියම් වර්ගයට අයත් පරපෝෂිතයන් 4 දෙනෙකුගෙන් පමණි. වඩාත් දරුණු මැලේරියා රෝග තත්වයන් ඇති කරනු ලබන්නේ ප්ලැස්මෝඩියම් ෆල්සිපාරුම් හා ප්ලැස්මෝඩියම් වයිවැක්ස් නම් පරපෝෂිතයන්ගෙනි.

නමුත් අනෙකුත් වර්ග දෙක වන ප්ලැස්මෝඩියම් ඕවාලේ සහ ප්ලැස්මෝඩියම් මලාරියේ යන පරපෝෂිතයින්ට ද මිනිසුන් හට ආසාදන ඇති කිරීමේ හැකියාව ඇත.

මෙම මිනිසුන් සදහා රෝග ඇති කරන ප්ලැස්මෝඩියම් විශේෂවලට මැලේරියා පරපෝෂිතයින් ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබයි.

මැලේරියා පරපෝෂිතයින් පරිවහණය කරනු ලබන්නේ ගැහැණු ඇනෝපිලස් මදුරුවකු මගින්.

මෙම පරපෝෂිතයින් මිනිසාගේ රුධිරයෙහි වූ රක්තානුවල ගුණනය වීමෙන් රෝග ලක්ෂණ ඇති කරනු ලබයි.

මැලේරියා රෝග ලක්ෂණ අතර උණ , සෙම්ප්‍රතිශ්‍යාව , ඇඟපත රුදාව , දහඩිය දැමීම සහ දරුණු තත්ත්වයන් යටතේ වලිප්පුව සහ සිහිය විකල් වීම  මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇති විය හැකියි.” මැලේරියාව එපා කියන්න ” මෙවර මේ වසරේ ලෝක මැලේරියා දින තේමාවයි.

ලෝක මැලේරියා දිනය නිමිති කොට ගෙන අද (25) දින පා ගමනක් සෞඛ්‍ය  හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ වන පා ගමන විහාර මහාදේවි උද්‍යානයෙන් අවසන් වන අතර, විහාර මහාදේවි උද්‍යානයේ බෑන් පිට්ටනියේ අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ කෙටි කරුණු  දැක්වීමකින් අවසන් වෙයි. මෙහිදී මැලේරියා මර්දන ව්‍යාපාරයේ වීදි නාට්‍ය කණ්ඩායමේ අංගයක් ද ඉදිරිපත් කෙරෙනු ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2016 වසරේදී ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් යන සහතිකය ලබා දී තිබේ

යම් පුද්ගලයෙක් මැලේරියාව ආවේණික රටකට ගමන් කරන්නේ නම් පිටත්ව යාමට පෙර මැලේරියාව වැළැක්වීමේ ඖෂධ ලබා ගැනීම ඉතා වැදගත් වන අතර  නාරාහේන්පිට පිහිටි මැලේරියා මර්දන ව්‍යාපාර මූලස්ථානයෙන් සහ සෑම දිස්ත්‍රික්කයකම දේශීය මැලේරියා පාලන කාර්යාලවලින් නොමිලේ මෙම  ඖෂධ ලබා ගත හැකිය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර නාරාහේන්පිට පිහිටි  මැලේරියා මර්දන ව්‍යාපාර‌යේ 071 2841767 දුරකතන අංකයෙන් හෝ  [email protected] විද්‍යුත් ලිපිනයෙන් හෝ www.malariacampaign.gov.lk  වෙබ් අඩවියෙන් දැන ගත හැකිය..

Continue Reading

තවත් බොහෝ දේ

ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය අද යි

Published

on

By

අද (අප්‍රේල් 21 ) ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය යි.  (World Creativity and Innovation Day )

එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙනයාම හා ඒවා මුදුන්පත් කරගැනීම සඳහා අවශ්‍ය ගැටලු විසඳීමේ දී පුද්ගල හෝ සාමූහික වශයෙන් නිර්මාණශීලීත්වය සහ නව නිපැයුම් ඉදිරිපත් කරමින් ලෝක සංවර්ධනයට සහාය විය හැකි ආකාරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම දිනය නම් කරන ලදී.

ලෝක නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදන දිනය මුල්වරට 2018 වසරේ අප්‍රේල් මස 21 වන දින සැමරීම සිදුවිය.

නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනයට එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් වසරේ එක් දිනක් නම්කලද සැබවින්ම වසර පුරාම සෑම දිනකම වැදගත් වන දෙයක් ලෙස නිර්මාණශීලිත්වය සහ නවෝත්පාදනය හැඳින්විය හැකිය.

ස්කොට් ඇඩම්ස් විසින් මෙසේ පවසා ඇත.
“නිර්මාණශීලිත්වය යනු ඔබ විසින්ම ඔබට වැරදි කිරීමට ඉඩ දීමයි. කලාව යනු කුමන ඒවා තබා ගත යුතු දැයි දැන ගැනීමයි.”

මිනිසා ගල් යුගයේ සිට පරිණාමය වී අද දවස සහ ලෝකයේ මිනිසුන්ගේ හෙට දවස දක්වා ගමන් මගට නිර්මාණශීලීත්වය සහ හොඳ සහ නරක සියලු නවෝත්පාදනයන් ලෝකයේ අද දවස බිහිවීම සඳහා ඉවහල් වී ඇත.

Continue Reading

තවත් බොහෝ දේ

අද, ලෝක සෞඛ්‍ය දිනය යි

Published

on

By

ලෝක සෞඛ්‍ය දිනය අදට (07) යෙදී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෑම වසරකම අප්‍රේල් 7වනදා  “ලෝක සෞඛ්‍ය දිනය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

2025 වසර වෙනුවෙන් එහි තේමාව ලෙස නම්කර ඇත්තේ “සෞඛ්‍ය සම්පන්න ආරම්භයක්, බලාපොරොත්තු සහගත අනාගතයක්” යන්නය.

සෞඛ්‍ය සම්පන්න දිවිපෙවතක් සඳහා පුද්ගලයින් මෙහෙයවීම අරමුණු කරගනිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ද අදට යෙදෙන ලෝක සෞඛ්‍ය දිනයට සමගාමීව වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව සඳහන් වේ.

ඔබේ සෞඛ්‍යය ඔබේ ජීවිතයේ වැදගත්ම දෙයකි. එය ඔබගේ ශාරීරික, මානසික සහ චිත්තවේගී යහපැවැත්මට බලපායි.

ඔබේ සෞඛ්‍යය ගැන ක්‍රියාශීලී වීම සහ රෝගාබාධ සහ රෝග වළක්වා ගැනීමට පියවර ගැනීම ඉතා වැදගත් වන්නේ එබැවිනි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved