පුවත්

අංක තහඩු නොමැතිව වාහන පෝලිමක්

Published

on

වාහන සඳහා අංක තහඩු මුද්‍රණය  මාසයක කාලයක් අඩාළවීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලක්ෂ දෙකකට අධික වාහන ලැයිස්තුවක්  ගොඩගැසී ඇතැයි වාර්තාවන බවට “ලංකාදීප” පුවත්පත වාර්තා කරයි.

එම වාහන බොහොමයක්  නව ලියාපදිංචි කිරීම් වන අතර සෙසු වාහන පැවරුම් ඔස්සේ පළාත් මාරු කිරීම් සිදුකර තිබෙන ඒවා බව සඳහන් වේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම පසුගිය මාර්තු මාසයේ දී යළි ආරම්භ කර අප්‍රේල් 30 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නවතා දමා තිබුණි.

ඒ මුද්‍රණ සමාගමට මුදල් ගෙවීමේ ගැටලුවක් මතය.

මේ අනුව පැවරීම් සිදුකළ වාහන සහ මුල් වාහන ලෙස ලියාපදිංචි වී ඇති වාහන ලක්ෂ දෙකකට අධික ලැයිස්තුවක් තහඩු මුද්‍රණය කරගත නොහැකිව අතරමග නැවතී තිබෙන ආරංචිමාර්ග සඳහන් කරන ලදී.

වාහන අංක තහඩු මුද්‍රණය කරන ‌පෞද්ගලික සමාගම හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අතර ඇති ගිවිසුමක ගැටලුවක් හා එම සමාගමට ලබාදිය යුතු මුදල් නොගෙවීමක් මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි එම ආරංචිමාර්ග කියා සිටියේය.

මීට මාස කිහිපයකට පෙරද මෙම සමාගම තම ඒකමතික තීරණය මත අංක තහඩු මුද්‍රණය නවතා දමා තිබූ අතර එවක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයාගේ හා ප්‍රවාහන අමාත්‍යංශයේ මැදිහත්වීම මත අංක තහඩු මුද්‍රණ කටයුතු යළි ආරම්භ කිරීමට මෙම සමාගම පියවර ගෙන තිබුණි.

මූලාශ්‍රය – ලංකාදීප

සබැඳි පුවත්:

Trending

Exit mobile version