පුවත්

අකරවිට වෙඩි තැබීම ගණේමුල්ල සංජීවගේ ගෝලයකුගේ වැඩක්

Published

on

ගම්පහ, අකරවිට ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් අලෙවිසැළක් තුළ ඊයේ (9) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීම ගණේමුල්ල සංජීවගේ ගෝලයෙකු වන තම්මිට සමරේ නැමැත්තා විසින් මෙහෙයවා ඇතිබවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි.

කෙසේවුවද, මේ සිද්ධියෙන් පසුවත් තුවාලකරුවන්ට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබී ඇතැයි ද මේ අතර වාර්තා වේ.

නිර්නාමික ඇමතුමක් ලබාදී තුවාලකරුවන්ට පවසා ඇත්තේ ”උඹලා තාම මැරුණේ නැහැ නේද ?” යනුවෙන්ය.

මෙම වෙඩි ප්‍රහාරයට පෙර අවස්ථා කිහිපයකදී ද වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින්ට තර්ජන එල්ලවී ඇති බව පැවසේ.

වෙඩි තැබීමෙන් අදාළ වෙළෙඳසැලේ හිමිකරු වන 34 හැවිරිදි චාමර සඳරුවන් සහ ඔහුගේ සහායකයා වන 30 හැවිරිදි අසිත දේවින්ද තුවාල ලැබූහ.

තුවාලකරුවන් මේ වනවිට ගම්පහ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම වෙඩි ප්‍රහාරයට ලක්වූ චාමර සඳරුවන් නම් වෙළෙඳසැලේ හිමිකරු, කෙහෙල්බද්දර පද්මේ නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

පලාගිය වෙඩික්කරුවන් සොයා පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබේ.

Trending

Exit mobile version