ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.
ඒ අනුව එහි කටයුතු සාමන්‍ය පරිදි සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කලේය.
මොවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ, වැඩබලන රෝහල් අධ්‍යක්ෂවරයාගේ නොමනා හැසිරීම සහ වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කරමින් සිදුකරන ක්‍රියාමාර්ග මෙන්ම එම ගැටලුව විසඳීම් ඉල්ලමිනි.
ඔහු ඉවත් කිරීමේ ලිපිය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති බවයි වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කලේය.
අදාළ වැඩ වර්ජනය අද පෙරවරු 8.00ට ආරම්භ කළ බව සඳහන් වේ.