පුවත්

අකිලත් මහ මැතිවරණයට නෑ; සජබ ලයිස්තුවේ ඉඩ තිබ්බත් ගන්න ගිහින් නෑ 

Published

on

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අඛිල විරාජ් කාරියවසම් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව එක සන්ධානයක් යටතේ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් විය යුතුබවට අඛිල විරාජ් කාරියවසම් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනා කර සිටියද එම යෝජනාව එහිදී නොසලකා හැරීමට ලක්විය.

අනතුරුව ‘අලියා’ ලකුණ යටතේ ඉදිරිපත් වීමට ඔහු ඇතුළු කණ්ඩායමක් ඉදිරිපත් කළ යෝජනාවද ප්‍රතික්ෂේප වී තිබිණ.

අනතුරුව ඔහු සමගි ජන බලවේගය යටතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන බවට රාවයක් පැතිර ගිය අතර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, පෙරේද (08) සජබ කුරුණෑගල දිස්ත්‍රීක් නාමයෝජනා ලේඛනයේ ඔහුට ද ඉඩක් වෙන්කර තිබු බව පැවසේ.

කෙසේවුවද කාරියවසම් මහතා මාධ්‍යට පවසා ඇත්තේ ‘සිලින්ඩරය’ නියෝජනය කරන දුෂිතයින් සමග එක පෙරමුණක සිට කටයුතු කල නොහැකි බවත්, එසේම තමාට පක්ෂයට ද්‍රෝහිවීමට හැකියාවක් නැති බැවින් මෙවර මහ මැතිවරණයේදී නිහඬව සිටීමට තීරණය කළ බවයි.

Trending

Exit mobile version