පුවත්

අකුරැස්සේ විශාල නායයාමක්

Published

on

අකුරැස්ස ප්‍රදේශයේ දියලපේ ප්‍රදේශයේ විශාල පස් කන්දක් නායයෑමෙන් අනතුරක් සිදුව තිබේ.

කෙසේ වෙතත් නායයෑමේ ලක්ෂණ පහළවීමත් සමග අකුරැස්ස පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදසිංහ මහතාගේ උපදෙස් මත ප්‍රාදේශීය ලේකම්වරියගේ මැදිහත් වීමෙන් අනතුරුදායක පවුල් 21 එම ස්ථානවලින් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.

එම ආපදාවට ලක්වූ පවුල්වල 70කට ආසන්න පිරිසක් මේ වනවිට දියලපේ පන්සලේ සහ දියලපේ පාසලේ රඳවා ඇත.

පොලීසියෙන් කළ විමසීමේදී සඳහන් කළේ විමසිලිමත්භාවය හේතුවෙන් විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකිවූ බවය.

මේ වනවිට අවදානමට ලක්වූ තවත් පවුල් 10ක පිරිස් එම ස්ථානවලින් ඉවත්කිරීමට පියවර ගෙන තිබේ.

මෙලෙස අවතැන්ව සිටින පිරිස්වලට දියලපේ විහාරස්ථානය සහ අකුරැස්ස පොලීසිය එක්ව අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනය කර ඇත.

මෙම නාය යාම හේතුවෙන් ජීවිත හානි නොමැති අතර දේපළ රැසක් හානි වී ඇති බවට පොලීසිය සැකපළ කරයි.

(අරුණ)

Trending

Exit mobile version