ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ (08) පැවැත්වීමට නියමිතව තිබූ වෘත්තීය සමිති සමුළුව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ විරෝධතා හේතුවෙන් හදිසියේ නතර කිරීමට තීරණය කළ බව වාර්තා වේ.
ඒ එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති හා වෙනත් සංගම්වල නියෝජිතයන්ගේ සමුළුවක් බවට සංවිධායක මණ්ඩලය ගෙන ගිය ප්‍රචාරයකට අගමැතිවරයා විරෝධය පළකිරීම නිසාය.
මෙම සමුළුවට සිය වෘත්තීය සමිති නියෝජිතයන් සහභාගි නොකරන බවටද අගමැතිවරයා ගෝරනාඩු කර ඇති බව පැවසේ.
ඒ අනුව ජනාධිපතිවරයා සමුළුව අවලංගු කිරීමට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද, මෙම සමුළුව ඉදිරියේ දිනයකදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මේ අතර, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසා අරුණ පුවත්පතට පවසා ඇත්තේ දින තුනක කාලයකදී අදාළ සමුළුව සූදානම් කිරීමට සිදුවීම නිසා දැනුවත් කිරීමේ ගැටලුවක් මත එය අවලංගු කළ බවයි.
එම සමුළුව ලබන සතියේදී පවත්වන බවද ඔහු පවසා ඇත.