Connect with us

පුවත්

අගමැති හා විපක්ෂනායකගෙන් මෝදි ට සුබපැතුම්

Published

on

තුන්වෙනි වතාවටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ශ්‍රී නරේන්ද්‍ර  මෝදි   මහතාට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු පාර්ලිමේන්තුවේදී අද (05)  සුභ පැතුම් පිරිනැමූහ.

මෙහිදී අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ මෝදි අග්‍රාමාත්‍යවරයා ලෝකය පුරා  දැවැන්ත පණිවිඩයක් ගෙන ගිය සුවිශේෂ නායකයකු බවයි.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙ යෝධයා ලෙස කවුරුත් දන්නා ඉන්දියාව ආසියානු රටවල් සමග ඇති කරගෙන තිබෙන මිත්‍රත්වය සහයෝගය සහ එකමුතුකම ගෞරවයෙන් සිහිපත් කළ  අගමැතිවරයා මෝඩි මහතාගේ ජයග්‍රහණයෙන්  දැවැන්ත ජයග්‍රහණ උදා කිරීමට ඉන්දියාවට හැකිවනු ඇතැයි ප්‍රකාශ කළේය.

ඉන්දියාව සමග අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු කීවේය.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඇද වැටුණු අවස්ථාවේදී මෝදි අග්‍රාමාත්‍යවරයා සහෝදරයකු මෙන් සැලකූ ආකාරය කිසිවෙකුටත් අමතක නැති බවයි.

රට ඇද වැටුණු මොහොතේ ශ්‍රී ලංකාවට වැඩිම ආධාර දුන්නේ ඉන්දියාව බවද ප්‍රේමදාස මහතා ගෞරවයෙන් සිහිපත් කළේය.

ඉන්දියා අග්‍රාමාත්‍ය මෝදි  මහතාගේ ජයග්‍රහණය ගැන තවත් මැති ඇමතිවරු රැසක්ද මෙහිදී අදහස් දැක්වූහ.

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading

පුවත්

කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ්

Published

on

By

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක වන 29 හැවිරිදි තරුණ කාන්තාවක ජුනි මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් හේමන්ත වෙත්තසිංහ මහතා ඊයේ (31) දින නියෝග කළේය.

සැකකාරියට අයත් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පණහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා බැර කර ඇති අතර පසුව සැකකාරිය විසින් වෙනත් ගිණුමකට අදාල මුදල බැර කර ඇති බවත් ඒ වෙනුවෙන් සැකකාරියට මුදලක් ලැබී ඇති බවත් මෙහිදී කඩුවෙල පොලිසියේ නිළධාරීන් අධිකරණය වෙත කරුණු දක්වන ලදී.

ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් වැඩිදුර විමර්ශණ කටයුතුවල ප්‍රගතිය ජුනි මස 13 වන දින අධිකරණයට ඉදිරිපක් කරන ලෙසද නියෝග කළේය

අදාල සිද්ධියට සම්බන්ධ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ (NSB) බැංකුවේ අයකැමිවරයා ද ජුනි මස 13 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පෙරේදා (30) දින නියෝග කළේය.

Continue Reading

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved