Connect with us

පුවත්

අග්බෝට යළි වෙිඩි ප්‍රහාරයක්

Published

on

පතරොම් තුවක්කුවකින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් අග්බෝ හස්තියා යළි තුවාල ලබා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තිරප්පනේ, වන්නම්මඩුව වැව ඉස්මත්තේ සිටි එම හස්තියාට මෙයට දින කීපයකට පෙර කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබන්නට ඇතැයි සැක පහළ කරන බව වනජීවී දෙපාර්තමේන්තුවේ සෞඛ්‍ය අධ්‍යක්ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා කීය.

අග්බෝ හස්තියාගේ උදර ප්‍රදේශයට මෙම වෙඩි පහර වැදී ඇති බවත් උණ්ඩ කීපයක් වැදී සිදුවූ එම තුවාල ගැඹුරු මාරාන්තික තුවාල නොවන බවත් වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා ‘දිනමිණ‘ කළ විමසුමකදී පැවැසීය. 

මේ වන විට අනුරාධපුර වනජීවී කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ සහ වෛද්‍ය මධුවන්ති විසින් අග්බෝ හස්තියාට අවශ්‍ය ප්‍රතිකාර සිදු කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

බඳින තුවක්කුවක් ක්‍රියාත්මකවීම හේතුවෙන් තුවාල ලබා දීර්ඝ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ හස්තියා මේ වන විට කිලෝමීටර 10ක පමණ දුරක් පහසුවෙන් ඇවිද යන බවත් ඒ අතර අග්බෝ, ගමට පැමිණීමටද පටන් ගෙන ඇති බවත් ඒ මහතා කීය.ගම්වැසියන් විසින් මෙම හස්තියාට ආහාර පාන ලබා දී ඇප උපස්ථාන කිරීම නිසා අග්බෝ ගම තුළට යාමට පුරුදු වී ඇත් බවත් එවැනි අවස්ථාවකදී එම හස්තියා මෙසේ වෙඩි ප්‍රහාරයකට ලක්වන්නට ඇති බවත් වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පැවැසීය. 

මිනිසුන්ට ඇති බිය අග්බෝ වෙතින් තුරන්වී තිබෙන බව කී වෛද්‍ය තාරක මහතා මිනිසුන්ගෙන් යම් හිරිහැරයක් වීමට ප්‍රථම මෙම හස්තියාව සුදුසු විසුම්පරාසයකට යොමු කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති බවද අවධාරණය කළේය.

බඳින ලද තුවක්කුවක් පත්තු වීමෙන් පසුගිය ජූනි මාසයේදී අග්බෝ හස්තියාගේ පාදයකට බරපතළ තුවාල සිදුවී තිබිණි.

(දිනමිණ)

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved