පුවත්

අඩු බරට පාන් විකුණන වෙළඳුන්ට දඩ – පාරිභෝගික අධිකාරිය

Published

on

අඩු බර පාන් අළෙවි කරන පුද්ගලයින් සොයා දීප ව්‍යාප්තව අඛණ්ඩ මෙහෙයුම් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා පවසයි.

ඒ අනුව අඩු බර පාන් අළෙවි කළ පුද්ගලයින් 100 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.

අච්චුපාන් රාත්තලක බර ග්‍රෑම් 450ක් වන අතර එකී නියමිත බර නොමැතිව පාන් අලෙවි කරන තනි ව්‍යාපාරයක හිමිකරුවකුට රුපියල් 1,000 සිට 10,000 දක්වා දඩයක් ද සමාගමක් සඳහා රුපියල් 10,000 සිට 100,000 දක්වා ද දඩ මුදලක් අය කරනු ඇත.

එමෙන්ම වැඩි මිලට පාන් අළෙවි කරන සහ ඒ සම්බන්ධ ගැටලු 1977 ක්ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙසද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

Trending

Exit mobile version