පුවත්

අදත් වැසි

Published

on

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (04) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද පෙරවරු කාලයේදී වැසි ඇතිවිය හැකිය.

එමෙන්ම උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 100ක පමණ තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තුමේන්තුව පවසයි.

Trending

Exit mobile version