පුවත්

අදානි සුළං විදුලි ව්‍යාපෘතිය ගැන දැනුම්දීමක්

Published

on

අදානි සමාගම මෙරට ඉදිකිරීමට නියමිත සුළං විදුලි ව්‍යාපෘති සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අදාළ ව්‍යෘපති සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව ද පදනම් කර ගනිමිනි.

අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, අදාළ සුළං විදුලිබල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම කමිටුව අංශ කිහිපයක් ඔස්සේ කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කර ඇති බවය.

මන්නාරම හා පූනරීන් ප්‍රදේශවල ඉදිකිරීමට යෝජිත එම සුළං විදුලි ව්‍යාපෘති මගින් ජනනය කිරීමට අපේක්ෂිත විදුලිය ප්‍රමාණය මෙගා වෝට් 484 කි.

ඒ සඳහා මේ වනවිටත් අදානි සමාගම යම් ආයෝජනයක් කර ඇති බව ද බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කලේය.

කෙසේ වෙතත් අදාළ කමිටුවේ වාර්තාව හා නිර්දේශ අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය යම් තීරණයක් ගනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Trending

Exit mobile version