කොළඹ වරායේ බටහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන 26 වැනිදා වනවිට ආරම්භ කරන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
එදිනට එම පර්යන්තයට බහාලුම් ප්‍රවාහන නෞකාවක් ළඟා වීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා කියා සිටී.
අදානි සමාගම විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ය.
නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ වසරක බහාලුම් මිලියන 2.7 ක් බටහිර පර්යන්තය හරහා මෙහෙයුම් කළ හැකි බවයි.
මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ලබන ජූලි මාසයේදි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
වරාය අධිකාරියේ අරමුදල් යොදා ගනිමින් ඉදි කළ එහි වාර්ෂික බහාලුම් මෙහෙයුම් ධාරිතාව මිලියන 3කි.