පුවත්

අද ගෝල්ෆේස් යනවද?

Published

on

2025 නව වසර උදාව වෙනුවෙන්, කොළඹ ගාලු මුවදොර ආශ්‍රිතව අද(31) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, නව වසර උදාව වෙනුවෙන් විශාල පිරිසක් අද (31) රාත්‍රී කාලයේ ගාලු මුවදොරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවය.

ඒ අනුව පිටකොටුව, කොම්පඤ්ඤවිදිය, මරදාන, කොල්ලුපිටිය, බම්බලපිටිය හා කුරුඳුවත්ත පොලිස් බල ප්‍රදේශවල එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේය.

Trending

Exit mobile version