එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද (මැයි 21) ජාත්‍යන්තර තේ දිනය ලෙස නම් කර ඇත.
ගෝලීය වශයෙන් තේවල සංස්කෘතික වැදගත්කම හඳුනා ගැනීම සහ එහි තිරසාර නිෂ්පාදනය සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි.
ගෝලීය වශයෙන් වැඩිපුරම පරිභෝජනය කරන දෙවන පානය වන තේ, ග්‍රාමීය සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාවය අඩු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.
ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, වියට්නාමය, ඉන්දුනීසියාව, බංග්ලාදේශය, කෙන්යාව, මලාවි, මැලේසියාව, තුර්කිය, මියන්මාරය, ඉරානය, රුවන්ඩාව උගන්ඩාව සහ ටැන්සානියාව වැනි තේ නිෂ්පාදනයේ පුරෝගාමී රටවල පවුල් මිලියන ගණනක ජීවනෝපාය තේ කර්මාන්තයයි.
ලොව පුරා Ceylon Tea හෙවත් ලංකාවේ තේ අතිශය ප්‍රචලිත අතර සංචාරකයන් අතර අප රටේ තේ පිළිබඳ උනන්දුවක් ඇති කිරීමේ අරමුණින් නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට ද මේ වනවිට යෝජනා ඉදිරිපත්ය.
සබැඳි පුවත්