පුවත්

අද තද වැසි

Published

on

සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අද (31) දිනයේත් අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි.

ඒ අනුව අද දිනයේත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින්විට වැසි ඇතිවෙයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති වෙයි.

ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති වෙයි.

Trending

Exit mobile version