Connect with us

පුවත්

අද තැන තැන වැසි

Published

on

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ටවැඩි  තරමක් තද වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

පුවත්

ආහාර කිහිපයක මිල පහළට

Published

on

By

ආපනශාලා ආහාර මිල පහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

විදුලි ගාස්තු පහළ දැමීම හේතුවෙන් ඔවුන් මේ තීරණය ගෙන තිබේ.

ඒ අනුව ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් මිල රුපියල් 25කින් අඩු කර තිබෙන බවයි වාර්තා වේ.

පරාටා, බිත්තර රොටි ඇතුළු කෙටි ආහාර රුපියල් 10කින් අඩු කර තිබේ.

Continue Reading

පුවත්

කොටුව දුම්රියපොළ ඉදිරිපිට මළ සිරුරක්

Published

on

By

කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයෙකු මියගොස් තිබේ.

ඒ, සම්බන්ධයෙන් ඊයේ (15) රාත්‍රී කාලයේ කොටුව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්ය.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති අතර මරණකරු අත්කොට කමිසයක් සහ රතු පැහැති සරමක් හැඳ සිටින අතර ඔහුට වයස අවුරුදු 60ත් 65ක් පමණ විය හැකි බවයි පොලීසිය පවසයි.

එම පුද්ගලයා උස අඩි 05යි අඟල් 04ක් වන තළෙළු, කෙට්ටු සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

හිරුණිකාට මාරුවක්

Published

on

By

තරුණයකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ චෝදනාවකට බරපතළ වැඩසහිත වසර තුනක සිර දඬුවම් සහ දඩ මුදල් නියම වී මේ වනවිට බන්ධනාගාරගතව සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කාන්තා සිරමැදිරියේ වැඩ අංශයට යොමුකර තිබේ.

කෙසේ වෙතත් වැඩ අංශයේ ඇයට පැවරී ඇති රාජකාරිය කුමක්දැයි අනාවරණය වී නොමැත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර 2015 වසරේදී දෙමටගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමක් සම්බන්ධයෙන් මේ වනවිට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම වී සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved