පුවත්

අද ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම නවතියි

Published

on

කලටුවාවේ සිට හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසකට ජලය ගෙන යන සම්ප්‍රේෂණ නලයේ පිපිරීමක් සිදුව තිබේ.

ඒ, ගොඩගම ප්‍රදේශයේදී එම නලයේ මෝටර් රථයක් ගැටීම හේතුවෙනි.

රියැදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව තිබුණි.

ජාතික ජල සම්පාදන මණ්ඩලයේ මෙහෙයුම් හා නඩත්තු, සහකාර සාමාන්‍යාධිකාරී කුමුදු විජේගුණවර්ධන මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් හෝමාගම, ගොඩගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තේගොඩ ප්‍රදේශ වලට නැවත දැනුම්දෙනතුරු ජල සැපයුම අත්හිටුවා ඇති බවයි.

ඉන් ජල පාරිභෝගිකයින් ලක්ෂයකට පමණ පීඩා එල්ල වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

කුමුදු විජේගුණවර්ධන මහතා පැවසුවේ, අද පස්වරු 6.00 පමණ වනවිට එය යථා තත්ත්වයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.

එහෙත්, අදාළ නලයට බරපතල හානි සිදුව ඇත්නම්, එය යථා තත්ත්වයට පත් කිරීමට අද මධ්‍යම රාත්‍රිය විය හැකි බව ද, ඔහු සඳහන් කළේ ය.

හානි වූ නලය අලුත්වැඩියාව සිදුකරන්නේ, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ අඹතලේ නිෂ්පාදන අංශයෙන් ය.

Trending

Exit mobile version