සති දෙකක කාලයක සිට පාර්ලිමේන්තුවට බිත්තර නොමැති බවත්, කඩවල් 10ක් ගත්තොත් කඩවල් 8කම බිත්තර නොමැති බවත් වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා කියයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවැසුවේ ඉන්දියාවෙන් ආනයනය කළ පළමු බිත්තර තොගය මේ වන විට කොළඹ වරායට පැමිණ ඇති බවයි.
පරීක්ෂණ කිරීමෙන් අනතුරුව එම බිත්තර ඉදිරියේදී නිකුත් කරන බවත් ඔහු පැවැසීය.
අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.