පුවත්

අද රාත්‍රියේ සිට පැය 18ක ජල කප්පාදුවක්

Published

on

අද (04) රාත්‍රී 9 සිට පැය 18ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලය පවසන්නේ කොළොන්නාව නගර සභා බල සීමාව, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශය, මුල්ලේරියාව සහ කොටිකාවත්ත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට පැය 18ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවය.

අද (04) රාත්‍රී 9 සිට හෙට (05) පස්වරු 3 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදු කෙරෙනු ඇත.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය සැපයෙන ජල නලයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Trending

Exit mobile version